Al-Hijr

سورة الحجر

සූරා 15 · මක්කා · 99 පද

15:1ජුස් 14 · පි. 262

الر ۚ تِلْكَ آيَاتُ الْكِتَابِ وَقُرْآنٍ مُبِينٍ1

අලිෆ්, ලාම්, රා. එය දේව ග්‍රන්ථයේ හා පැහැදිලි කුර්ආනයේ වදන් වේ.
15:2ජුස් 14 · පි. 262

رُبَمَا يَوَدُّ الَّذِينَ كَفَرُوا لَوْ كَانُوا مُسْلِمِينَ2

(මෙලොවදී) තමන් මුස්ලිම්වරුන් ලෙස සිටියේ නම් (කෙතරම් අගනේ ද) යැයි ප්‍රතික්ෂේප කළවුන් (එදින) ප්‍රිය කරනු ඇත.
15:3ජුස් 14 · පි. 262

ذَرْهُمْ يَأْكُلُوا وَيَتَمَتَّعُوا وَيُلْهِهِمُ الْأَمَلُ ۖ فَسَوْفَ يَعْلَمُونَ3

ඔවුහු අනුභව කරමින් භුක්ති විඳින්නට නුඹ ඔවුන් අත හැර දමනු. තවද මනෝ ආශාවන් ඔවුන් ව වෙනතකට යොමු කරයි. එවිට ඔවුහු මතු දැන ගනු ඇත.
15:4ජුස් 14 · පි. 262

وَمَا أَهْلَكْنَا مِنْ قَرْيَةٍ إِلَّا وَلَهَا كِتَابٌ مَعْلُومٌ4

තවද අපි කිසිදු ගම්මානයක් එයට නියම කරන ලද නියමයක් ලබා දෙමින් මිස විනාශ නොකළෙමු.
15:5ජුස් 14 · පි. 262

مَا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَأْخِرُونَ5

කිසිදු සමූහයක් එහි කාල සීමාව ඉක්මන් නොකරයි. තවද ඔවුහු ප්‍රමාද ද නොවෙති.
15:6ජුස් 14 · පි. 262

وَقَالُوا يَا أَيُّهَا الَّذِي نُزِّلَ عَلَيْهِ الذِّكْرُ إِنَّكَ لَمَجْنُونٌ6

තවද තමන් වෙත මෙනෙහි කරන දේව ග්‍රන්ථය පහළ කරනු ලැබූ අයලුවනි, නියත වශයෙන් ඔබ උන්මත්තකයෙකි යැයි ඔවුහු පැවසූහ.
15:7ජුස් 14 · පි. 262

لَوْ مَا تَأْتِينَا بِالْمَلَائِكَةِ إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ7

නුඹ සත්‍යවාදීන් අතුරින් නම් නුඹ අප වෙත මලක්වරුන් ගෙන ආ යුතු නොවේ ද?
15:8ජුස් 14 · පි. 262

مَا نُنَزِّلُ الْمَلَائِكَةَ إِلَّا بِالْحَقِّ وَمَا كَانُوا إِذًا مُنْظَرِينَ8

සත්‍යයෙන් යුතු ව මිස අපි මලක්වරුන් පහළ නොකරන්නෙමු. තවද ඔවුහු එවිට අවකාශ දෙනු ලබන්නන් නොවූහ.
15:9ජුස් 14 · පි. 262

إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ9

නියත වශයෙන්ම අපමය මෙනෙහි කරන දේව ග්‍රන්ථය (අල් කුර්ආනය) පහළ කළේ. තවද නියත වශයෙන්ම අපි එය ආරක්ෂා කරන්නන් වෙමු.
15:10ජුස් 14 · පි. 262

وَلَقَدْ أَرْسَلْنَا مِنْ قَبْلِكَ فِي شِيَعِ الْأَوَّلِينَ10

තවද නුඹට පෙර වූ පැරණි පිරිස් අතරට ද සැබැවින්ම අපි (රසූල්වරුන්) එව්වෙමු.
15:11ජුස් 14 · පි. 262

وَمَا يَأْتِيهِمْ مِنْ رَسُولٍ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ11

තවද රසූල්වරයකු ඔවුන් වෙත පැමිණි විට ඔවුහු ඔහු ගැන සමච්චල් කරමින් සිටියාහු මිස නැත.
15:12ජුස් 14 · පි. 262

كَذَٰلِكَ نَسْلُكُهُ فِي قُلُوبِ الْمُجْرِمِينَ12

වැරදිකරුවන්ගේ හදවත් තුළට අපි එය කාවද්දනුයේ එලෙසය.
15:13ජුස් 14 · පි. 262

لَا يُؤْمِنُونَ بِهِ ۖ وَقَدْ خَلَتْ سُنَّةُ الْأَوَّلِينَ13

ඔවුහු එය විශ්වාස නොකරති. තවද සැබැවින්ම පැරැණ්නන්ගේ සිරිත් ඉකුත් වී ගොස් ඇත.
15:14ජුස් 14 · පි. 262

وَلَوْ فَتَحْنَا عَلَيْهِمْ بَابًا مِنَ السَّمَاءِ فَظَلُّوا فِيهِ يَعْرُجُونَ14

තවද අපි ඔවුන් වෙත අහසින් දොරටුවක් විවෘත කොට එහි ඔවුහු ආරෝහණය වන්නන් බවට පත් වුව ද (ඔවුහු විශ්වාස නොකරති.)
15:15ජුස් 14 · පි. 262

لَقَالُوا إِنَّمَا سُكِّرَتْ أَبْصَارُنَا بَلْ نَحْنُ قَوْمٌ مَسْحُورُونَ15

නියත වශයෙන්ම අපගේ ඇස් බන්දනය කරනු ලැබ ඇත. එසේ නොව අපි හූනියම් කරනු ලැබූ පිරිසකි යැයි ඔවුහු පවසනු ඇත.
15:16ජුස් 14 · පි. 263

وَلَقَدْ جَعَلْنَا فِي السَّمَاءِ بُرُوجًا وَزَيَّنَّاهَا لِلنَّاظِرِينَ16

තවද සැබැවින්ම අපි අහසෙහි තාරකා මණ්ඩල ඇති කළෙමු. තවද බලන්නන්හට අපි එය අලංකාරවක් කළෙමු.
15:17ජුස් 14 · පි. 263

وَحَفِظْنَاهَا مِنْ كُلِّ شَيْطَانٍ رَجِيمٍ17

තවද පලවා හරිනු ලැබූ සෑම ෂෙයිතානුවකුගෙන්ම අපි එය ආරක්ෂා කළෙමු.
15:18ජුස් 14 · පි. 263

إِلَّا مَنِ اسْتَرَقَ السَّمْعَ فَأَتْبَعَهُ شِهَابٌ مُبِينٌ18

නමුත් සවන් දී (තොරතුරු) සොරකම් කරන්නා හැර. එවිට පැහැදිලි ගිනි උල්කාවක් ඔහු පසුපස ලුහුබඳිනු ඇත.
15:19ජුස් 14 · පි. 263

وَالْأَرْضَ مَدَدْنَاهَا وَأَلْقَيْنَا فِيهَا رَوَاسِيَ وَأَنْبَتْنَا فِيهَا مِنْ كُلِّ شَيْءٍ مَوْزُونٍ19

තවද අපි මහපොළොව දිගු හැරියෙමු. එහි අපි කඳුහෙල් හෙළුවෙමු. තවද අපි එහි සෑම වස්තුවකින්ම නිර්ණය කළ දෑ හට ගැන්වූයෙමු.
15:20ජුස් 14 · පි. 263

وَجَعَلْنَا لَكُمْ فِيهَا مَعَايِشَ وَمَنْ لَسْتُمْ لَهُ بِرَازِقِينَ20

තවද අපි එහි නුඹලාටත් නුඹලා කවරෙකුට පෝෂකයින් ලෙස නොසිටියේ ද එවන් අයටද ජීවන පහසුකම් ඇති කළෙමු.
15:21ජුස් 14 · පි. 263

وَإِنْ مِنْ شَيْءٍ إِلَّا عِنْدَنَا خَزَائِنُهُ وَمَا نُنَزِّلُهُ إِلَّا بِقَدَرٍ مَعْلُومٍ21

කිසිදු දෙයක් එහි ගබඩාවන් අප වෙත මිස නැත. අපි එය නියමිත ප්‍රමාණයකින් මිස පහළ නොකරන්නෙමු.
15:22ජුස් 14 · පි. 263

وَأَرْسَلْنَا الرِّيَاحَ لَوَاقِحَ فَأَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً فَأَسْقَيْنَاكُمُوهُ وَمَا أَنْتُمْ لَهُ بِخَازِنِينَ22

තවද අපි සුළඟ පිරිසිදු (ජලය උසුලන) අයුරින් එව්වෙමු. පසු ව අහසින් ජලය පහළ කළෙමු. පසු ව නුඹලා එයට රැස් කරන්නන් ලෙස නොසිටි තත්තවයේ අපි එය නුඹලාට සැපයූවෙමු.
15:23ජුස් 14 · පි. 263

وَإِنَّا لَنَحْنُ نُحْيِي وَنُمِيتُ وَنَحْنُ الْوَارِثُونَ23

තවද නියත වශයෙන්ම ජීවය දෙන්නේද තවද මරණයට පත් කරන්නේද අපමය. තවද අපි උරුමක්කරුවෝ වෙමු.
15:24ජුස් 14 · පි. 263

وَلَقَدْ عَلِمْنَا الْمُسْتَقْدِمِينَ مِنْكُمْ وَلَقَدْ عَلِمْنَا الْمُسْتَأْخِرِينَ24

සැබැවින්ම අපි නුඹලා අතුරින් පෙර ගියවුන් පිළිබඳ ව දනිමු. එමෙන්ම පසු පැමිණෙන්නවුන් පිළිබඳ ව ද අපි දනිමු.
15:25ජුස් 14 · පි. 263

وَإِنَّ رَبَّكَ هُوَ يَحْشُرُهُمْ ۚ إِنَّهُ حَكِيمٌ عَلِيمٌ25

තවද නියත වශයෙන්ම නුඹේ පරමාධිපති වන ඔහු (මතු ලොවෙහි) ඔවුන් ව එක්රැස් කරනු ඇත. නියත වශයෙන්ම ඔහු සියුම් ඥානය ඇති සර්වඥානීය.
15:26ජුස් 14 · පි. 263

وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ مِنْ صَلْصَالٍ مِنْ حَمَإٍ مَسْنُونٍ26

සැබැවින්ම විවිධ (වර්ගයෙන්) වූ කළු මැටියෙන් මිනිස් වර්ගයා අපි මැව්වෙමු.
15:27ජුස් 14 · පි. 263

وَالْجَانَّ خَلَقْنَاهُ مِنْ قَبْلُ مِنْ نَارِ السَّمُومِ27

මීට පෙර දුමෙන් තොර වූ ගින්නෙන් අපි ජින් වර්ගයා මැව්වෙමු.
15:28ජුස් 14 · පි. 263

وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي خَالِقٌ بَشَرًا مِنْ صَلْصَالٍ مِنْ حَمَإٍ مَسْنُونٍ28

නියත වශයෙන්ම මම විවිධ (වර්ගයෙන්) වූ කළු මැටියෙන් මිනිසා මවමි යැයි නුඹේ පරමාධිපති මලක්වරුන්ට පැවසූ අවස්ථාව සිහියට නගනු.
15:29ජුස් 14 · පි. 263

فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِنْ رُوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ29

පසු ව මම ඔහු ව විධිමත් ව සකසා මාගේ ප්‍රාණයෙන් මම ඔහු තුළ පිඹුවෙමි. එවිට නුඹලා සිරස නමමින් සුජූද් කරන්නන් ලෙස වැටෙනු. (නුඹගේ පරමාධිපති පැවසීය.)
15:30ජුස් 14 · පි. 263

فَسَجَدَ الْمَلَائِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ30

එවිට මලක්වරුන් වන ඔවුන් සියලු දෙනාම සිරස නමා සුජූද් කළහ.
15:31ජුස් 14 · පි. 263

إِلَّا إِبْلِيسَ أَبَىٰ أَنْ يَكُونَ مَعَ السَّاجِدِينَ31

ඉබ්ලීස් හැර. ඔහු සුජූද් කරන්නන් සමග වීමට පිටුපෑවේය.
15:32ජුස් 14 · පි. 264

قَالَ يَا إِبْلِيسُ مَا لَكَ أَلَّا تَكُونَ مَعَ السَّاجِدِينَ32

අහෝ ! ඉබ්ලීස්, නුඹ සුජූද් කරන්නන් සමග නොවීමට නුඹට කුමක් වී දැයි ඔහු විමසුවේය.
15:33ජුස් 14 · පි. 264

قَالَ لَمْ أَكُنْ لِأَسْجُدَ لِبَشَرٍ خَلَقْتَهُ مِنْ صَلْصَالٍ مِنْ حَمَإٍ مَسْنُونٍ33

විවිධ (වර්ගයෙන්) වූ කළු මැටියෙන් නුඹ මැවූ මිනිසාට මා සුජූද් කිරීමට මම (සූදානම්) නොවෙමි යැයි ඔහු පැවසුවේය.
15:34ජුස් 14 · පි. 264

قَالَ فَاخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ34

එසේ නම් නුඹ මින් බැහැර ව යනු. නියත වශයෙන්ම නුඹ පලවා හරිනු ලැබූවෙකි යැයි ඔහු පැවසුවේය.
15:35ජුස් 14 · පි. 264

وَإِنَّ عَلَيْكَ اللَّعْنَةَ إِلَىٰ يَوْمِ الدِّينِ35

තවද විනිශ්චය දිනය දක්වා නුඹට එරෙහි ව ශාපය ඇත.
15:36ජුස් 14 · පි. 264

قَالَ رَبِّ فَأَنْظِرْنِي إِلَىٰ يَوْمِ يُبْعَثُونَ36

මාගේ පරමාධිපතියාණනි, ඔවුන් නැවත නැගිටුවනු ලබන දිනය තෙක් මට නුඹ අවකාශය දෙනු යැයි ඔහු පැවසුවේය.
15:37ජුස් 14 · පි. 264

قَالَ فَإِنَّكَ مِنَ الْمُنْظَرِينَ37

එසේනම් නියත වශයෙන්ම නුඹ අවකාශය දෙනු ලැබූ අය අතුරිනි යැයි ඔහු පැවසුවේය.
15:38ජුස් 14 · පි. 264

إِلَىٰ يَوْمِ الْوَقْتِ الْمَعْلُومِ38

නියමිත වේලාවේ දිනය දක්වා.
15:39ජුස් 14 · පි. 264

قَالَ رَبِّ بِمَا أَغْوَيْتَنِي لَأُزَيِّنَنَّ لَهُمْ فِي الْأَرْضِ وَلَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ39

මාගේ පරමාධිපතියාණනි, නුඹ මා නොමග යොමු කළ බැවින් මහපොළොවේ (ඇති දෑ) ඔවුනට මම අලංකාරවත් කරන්නෙමි. තවද සැබැවින්ම මම ඔවුන් සියලු දෙනා නොමග යවන්නෙමි. යැයි ඔහු කීවේය.
15:40ජුස් 14 · පි. 264

إِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ40

නමුත් ඔවුන් අතුරින් වූ නුඹේ අවංක ගැත්තන් හැර.
15:41ජුස් 14 · පි. 264

قَالَ هَٰذَا صِرَاطٌ عَلَيَّ مُسْتَقِيمٌ41

මෙය මා වෙත පිහිටි ඍජු මාර්ගය යැයි ඔහු පැවසුවේය.
15:42ජුස් 14 · පි. 264

إِنَّ عِبَادِي لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَانٌ إِلَّا مَنِ اتَّبَعَكَ مِنَ الْغَاوِينَ42

නියත වශයෙන්ම මාගේ ගැත්තන් වන ඔවුනට එරෙහිව කිසිදු ආධිපත්‍යයක් නුඹට නැත. නමුත් සීමාව ඉක්මවා ගියවුන් අතුරින් නුඹව පිළිපදින්නන්ට හැර.
15:43ජුස් 14 · පි. 264

وَإِنَّ جَهَنَّمَ لَمَوْعِدُهُمْ أَجْمَعِينَ43

තවද නියත වශයෙන්ම නිරය (සීමාව ඉක්මවා ගිය) සියලු දෙනා හටම ප්‍රතිඥා දෙනු ලැබූ ස්ථානයයි.
15:44ජුස් 14 · පි. 264

لَهَا سَبْعَةُ أَبْوَابٍ لِكُلِّ بَابٍ مِنْهُمْ جُزْءٌ مَقْسُومٌ44

එයට දොරටු හතක් ඇත. සෑම දොරටුවකටම ඔවුන් අතුරින් වෙන් කරන ලද කොටසක් ඇත.
15:45ජුස් 14 · පි. 264

إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَعُيُونٍ45

නියත වශයෙන්ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන් හා උල්පත් වල වෙති.
15:46ජුස් 14 · පි. 264

ادْخُلُوهَا بِسَلَامٍ آمِنِينَ46

නුඹලා එහි නිර්භය ව සාමයෙන් පිවිසෙනු.
15:47ජුස් 14 · පි. 264

وَنَزَعْنَا مَا فِي صُدُورِهِمْ مِنْ غِلٍّ إِخْوَانًا عَلَىٰ سُرُرٍ مُتَقَابِلِينَ47

ඔවුන්ගේ හදවත් තුළ ඇති ක්‍රෝධය අපි ඉවත් කළෙමු. ඔවුහු කවිච්චි මත මුහුණට මුහුණලා සහෝදරයින් ලෙස සිටිති.
15:48ජුස් 14 · පි. 264

لَا يَمَسُّهُمْ فِيهَا نَصَبٌ وَمَا هُمْ مِنْهَا بِمُخْرَجِينَ48

එහි ඔවුනට කිසිදු වෙහෙසක් ඇති නොවේ. ඔවුන් ඉන් බැහැර කරනු ලබන්නන් ද නොවෙති.
15:49ජුස් 14 · පි. 264

۞ نَبِّئْ عِبَادِي أَنِّي أَنَا الْغَفُورُ الرَّحِيمُ49

නියත වශයෙන්ම මම අති ක්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්ත බවත් මාගේ ගැත්තන්හට (නබිවරය,) නුඹ දන්වා සිටිනු.
15:50ජුස් 14 · පි. 264

وَأَنَّ عَذَابِي هُوَ الْعَذَابُ الْأَلِيمُ50

තවද නියත වශයෙන්ම මාගේ දඬුවම වන එය වේදනීය දඬුවම බවද ඔවුනට දන්වා සිටිනු.
15:51ජුස් 14 · පි. 264

وَنَبِّئْهُمْ عَنْ ضَيْفِ إِبْرَاهِيمَ51

තවද නුඹ ඉබ්‍රාහීම්ගේ ආගන්තුකයින් පිළිබඳ ව ඔවුනට දන්වා සිටිනු.
15:52ජුස් 14 · පි. 265

إِذْ دَخَلُوا عَلَيْهِ فَقَالُوا سَلَامًا قَالَ إِنَّا مِنْكُمْ وَجِلُونَ52

ඔවුහු ඔහු වෙත පිවිසි කල්හි ශාන්තිය අත්වේවා යැයි ඔවුහු පැවසුවෝය. නියත වශයෙන්ම අපි නුඹලා පිළිබඳ ව තැති ගන්නන් වෙමු යැයි ඔහු පැවසුවේය.
15:53ජුස් 14 · පි. 265

قَالُوا لَا تَوْجَلْ إِنَّا نُبَشِّرُكَ بِغُلَامٍ عَلِيمٍ53

නුඹ (අප ගැන) තැති නොගනු. නියත වශයෙන්ම අපි නුඹට ඥානවත් දරුවකු පිළිබඳ ව ශුභාරංචි දන්වා සිටිමු යැයි ඔවුහු පැවසුවෝය.
15:54ජුස් 14 · පි. 265

قَالَ أَبَشَّرْتُمُونِي عَلَىٰ أَنْ مَسَّنِيَ الْكِبَرُ فَبِمَ تُبَشِّرُونَ54

මහලු විය මා වෙළා ගෙන තිබිය දී නුඹලා මට ශුභාරංචි දන්වා සිටින්නෙහු ද? එහෙයින් නුඹලා කුමක් ගැන ද මට ශුභාරංචි දන්වා සිටිනුයේ යැයි ඔහු විමසුවේය.
15:55ජුස් 14 · පි. 265

قَالُوا بَشَّرْنَاكَ بِالْحَقِّ فَلَا تَكُنْ مِنَ الْقَانِطِينَ55

අපි නුඹට සැබෑ ව ශුභාරංචි වශයෙන් දන්වා සිටියෙමු. එහෙයින් නුඹ අපේක්ෂාභංග වූවන් අතුරින් නොවනු.
15:56ජුස් 14 · පි. 265

قَالَ وَمَنْ يَقْنَطُ مِنْ رَحْمَةِ رَبِّهِ إِلَّا الضَّالُّونَ56

නොමග ගියවුන් මිස තම පරමාධිපතිගේ දයාව ගැන අපේක්ෂා රහිත වනුයේ කවුරුන්දැයි ඔහු පැවසුවේය.
15:57ජුස් 14 · පි. 265

قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا الْمُرْسَلُونَ57

අහෝ ! එවනු ලැබූවනි, නුඹලාගේ දෙසුම කුමක් දැයි ඔහු විමසුවේය.
15:58ජුස් 14 · පි. 265

قَالُوا إِنَّا أُرْسِلْنَا إِلَىٰ قَوْمٍ مُجْرِمِينَ58

නියත වශයෙන්ම අපි අපරාධකාරී පිරිසක් වෙත එවනු ලැබුවෙමු යැයි ඔවුහු පැවසුවෝය.
15:59ජුස් 14 · පි. 265

إِلَّا آلَ لُوطٍ إِنَّا لَمُنَجُّوهُمْ أَجْمَعِينَ59

ලූත්ගේ පරපුර වෙත හැර. නියත වශයෙන්ම ඔවුන් සියලු දෙනා ව අපි මුදවා ගන්නන් වෙමු.
15:60ජුස් 14 · පි. 265

إِلَّا امْرَأَتَهُ قَدَّرْنَا ۙ إِنَّهَا لَمِنَ الْغَابِرِينَ60

නමුත් ඔහුගේ බිරිය හැර. නියත වශයෙන්ම ඇය ඉතිරිවූවන් අතුරින් යැයි අපි තීන්දු කළෙමු.
15:61ජුස් 14 · පි. 265

فَلَمَّا جَاءَ آلَ لُوطٍ الْمُرْسَلُونَ61

එවිට දූතයෝ ලූත්ගේ පරපුර වෙත පැමිණි කල්හි
15:62ජුස් 14 · පි. 265

قَالَ إِنَّكُمْ قَوْمٌ مُنْكَرُونَ62

නියත වශයෙන්ම නුඹලා නාඳුනන පිරිසක් යැයි ඔහු පැවසුවේය.
15:63ජුස් 14 · පි. 265

قَالُوا بَلْ جِئْنَاكَ بِمَا كَانُوا فِيهِ يَمْتَرُونَ63

නමුත් ඔවුන් කවර විෂයක සැක කරමින් සිටියේ ද එය සමග අපි ඔබ වෙත පැමිණියෙමු යැයි ඔවුහු පැවසුවෝය.
15:64ජුස් 14 · පි. 265

وَأَتَيْنَاكَ بِالْحَقِّ وَإِنَّا لَصَادِقُونَ64

තවද සත්‍යය සමග ඔබ වෙත අපි පැමිණියෙමු. තවද නියත වශයෙන්ම අපි සත්‍යවාදීහුමය.
15:65ජුස් 14 · පි. 265

فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍ مِنَ اللَّيْلِ وَاتَّبِعْ أَدْبَارَهُمْ وَلَا يَلْتَفِتْ مِنْكُمْ أَحَدٌ وَامْضُوا حَيْثُ تُؤْمَرُونَ65

එහෙයින් රාත්‍රියේ කොටසක නුඹ නුඹගේ පවුල සමග විගස යනු. ඔවුන්ගේ පසුපසින් නුඹද පරව යනු. නුඹලා අතුරින් කිසිවකු හෝ හැරී නොබැලිය යුතුය. නුඹලා අණ කරනු ලැබූ තැනට ගමන් කරනු.
15:66ජුස් 14 · පි. 265

وَقَضَيْنَا إِلَيْهِ ذَٰلِكَ الْأَمْرَ أَنَّ دَابِرَ هَٰؤُلَاءِ مَقْطُوعٌ مُصْبِحِينَ66

නියත වශයෙන්ම උදෑසන මොවුන්ගේ මුදුන් මුල කපා හරිනු ලබනු ඇතැයි යන එම නියෝගය අපි ඔහුට දන්වා සිටියෙමු.
15:67ජුස් 14 · පි. 265

وَجَاءَ أَهْلُ الْمَدِينَةِ يَسْتَبْشِرُونَ67

නගර වැසියෝ සතුටට පත්වෙමින් පැමිණියහ.
15:68ජුස් 14 · පි. 265

قَالَ إِنَّ هَٰؤُلَاءِ ضَيْفِي فَلَا تَفْضَحُونِ68

නියත වශයෙන්ම මොවුහු මාගේ ආගන්තුකයින් වෙති. එබැවින් නුඹලා මා අවමානයට පත් නොකරනු යැයි ඔහු පැවසුවේය.
15:69ජුස් 14 · පි. 265

وَاتَّقُوا اللَّهَ وَلَا تُخْزُونِ69

තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මා දුකට පත් නොකරනු.
15:70ජුස් 14 · පි. 265

قَالُوا أَوَلَمْ نَنْهَكَ عَنِ الْعَالَمِينَ70

ලෝවැසියන්ගෙන් අපි නුඹ ව නොවැළැක්වෙමු දැයි ඔවුහු පැවසුවෝය.
15:71ජුස් 14 · පි. 266

قَالَ هَٰؤُلَاءِ بَنَاتِي إِنْ كُنْتُمْ فَاعِلِينَ71

නුඹලා එසේ සිදු කරන්නන් ලෙස සිටියෙහු නම් මේ මාගේ දියණිවරුන් වෙති යැයි ඔහු පැවසුවේය.
15:72ජුස් 14 · පි. 266

لَعَمْرُكَ إِنَّهُمْ لَفِي سَكْرَتِهِمْ يَعْمَهُونَ72

නුඹගේ ආයු කාලය නමින් දිවුරමින්, නියත වශයෙන්ම ඔවුහු ඔවුන්ගේ (මනෝ ආශාවන්හි) මත්භවෙහි ව්‍යාකූලත්වයට පත් ව සිටිති.
15:73ජුස් 14 · පි. 266

فَأَخَذَتْهُمُ الصَّيْحَةُ مُشْرِقِينَ73

එවිට ඔවුන් උදා වෙත්ම මහා හඬ ඔවුන් ව ග්‍රහණය කළේය.
15:74ජුස් 14 · පි. 266

فَجَعَلْنَا عَالِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهِمْ حِجَارَةً مِنْ سِجِّيلٍ74

එවිට අපි එහි උඩු තලය එහි යටි තලය බවට පත් කළෙමු. තවද අපි ඔවුන් වෙත රත් කරනු ලැබූ ගල් වැස්සවීමු.
15:75ජුස් 14 · පි. 266

إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِلْمُتَوَسِّمِينَ75

නියත වශයෙන්ම මෙහි සිතා බලන්නන්හට සංඥාවන් ඇත.
15:76ජුස් 14 · පි. 266

وَإِنَّهَا لَبِسَبِيلٍ مُقِيمٍ76

තවද නියත වශයෙන්ම එය ප්‍රධාන මාර්ගයේ විය.
15:77ජුස් 14 · පි. 266

إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِلْمُؤْمِنِينَ77

නියත වශයෙන්ම එහි දේව විශ්වාසවන්තයින් හට සංඥාවක් ඇත.
15:78ජුස් 14 · පි. 266

وَإِنْ كَانَ أَصْحَابُ الْأَيْكَةِ لَظَالِمِينَ78

තවද සැබැවින්ම අයිකා වැසියෝ ද අපරාධකරුවන් වූහ.
15:79ජුස් 14 · පි. 266

فَانْتَقَمْنَا مِنْهُمْ وَإِنَّهُمَا لَبِإِمَامٍ مُبِينٍ79

එහෙයින් අපි ඔවුන්ගෙන් ද පළිගත්තෙමු. නියත වශයෙන්ම මෙ(ම ජන සමූහයන්) දෙක ප්‍රකට මාවතක් විය.
15:80ජුස් 14 · පි. 266

وَلَقَدْ كَذَّبَ أَصْحَابُ الْحِجْرِ الْمُرْسَلِينَ80

තවද සැබැවින්ම හිජ්ර් වැසියෝ ද රසූල්වරුන් ව බොරු කළෝය.
15:81ජුස් 14 · පි. 266

وَآتَيْنَاهُمْ آيَاتِنَا فَكَانُوا عَنْهَا مُعْرِضِينَ81

තවද අපි අපගේ වදන් ඔවුනට පිරිනැමුවෙමු. එවිට ඔවුහු ඒවා නොසලකන්නන් වූහ.
15:82ජුස් 14 · පි. 266

وَكَانُوا يَنْحِتُونَ مِنَ الْجِبَالِ بُيُوتًا آمِنِينَ82

තවද ඔවුහු වාසස්ථාන වශයෙන් කඳු වල ලෙන් හාරා සුරක්ෂිතයින් වූහ.
15:83ජුස් 14 · පි. 266

فَأَخَذَتْهُمُ الصَّيْحَةُ مُصْبِحِينَ83

එවිට ඔවුන් අලුයම උදාවෙත්ම මහා හඬ ඔවුන් ව ග්‍රහණය කළේය.
15:84ජුස් 14 · පි. 266

فَمَا أَغْنَىٰ عَنْهُمْ مَا كَانُوا يَكْسِبُونَ84

එවිට ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් නොවීය.
15:85ජුස් 14 · පි. 266

وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا إِلَّا بِالْحَقِّ ۗ وَإِنَّ السَّاعَةَ لَآتِيَةٌ ۖ فَاصْفَحِ الصَّفْحَ الْجَمِيلَ85

අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද සත්‍යයෙන් මිස අපි නොමැව්වෙමු. තවද නියත වශයෙන්ම අවසන් හෝරාව පැමිණෙන්නේමය. එහෙයින් අලංකාර සමාවකින් නුඹ (ඔවුන් ව) නොසලකා හරිනු.
15:86ජුස් 14 · පි. 266

إِنَّ رَبَّكَ هُوَ الْخَلَّاقُ الْعَلِيمُ86

නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහුමය සර්ව ඥානී වූ මහා මැවුම්කරු.
15:87ජුස් 14 · පි. 266

وَلَقَدْ آتَيْنَاكَ سَبْعًا مِنَ الْمَثَانِي وَالْقُرْآنَ الْعَظِيمَ87

තවද (නබිවරය,) සැබැවින්ම අපි සබ්අන් මිනල් මසානී (හෙවත් නැවත නැවත පාරායනය කරන දැයින් හතක්) ද අතිමහත් කුර්ආනය ද අපි නුඹට පිරිනැමුවෙමු.
15:88ජුස් 14 · පි. 266

لَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَىٰ مَا مَتَّعْنَا بِهِ أَزْوَاجًا مِنْهُمْ وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَاخْفِضْ جَنَاحَكَ لِلْمُؤْمِنِينَ88

ඔවුන් අතුරින් පිරිසකට අපි කවර දෙයක් භුක්ති විඳීමට සැලැස්වූයේ ද ඒ දෙසට නුඹේ දෑස් දිගු නොකරනු. තවද ඔවුන් පිළිබඳ ව නුඹ දුක් නොවනු. දේව විශ්වාසවන්තයින් හට නුඹගේ පියාපත් පහත් කරනු.
15:89ජුස් 14 · පි. 266

وَقُلْ إِنِّي أَنَا النَّذِيرُ الْمُبِينُ89

නියත වශයෙන්ම පැහැදිලි අවවාද කරන්නා මම ම වෙමි යැයි නුඹ පවසනු.
15:90ජුස් 14 · පි. 266

كَمَا أَنْزَلْنَا عَلَى الْمُقْتَسِمِينَ90

බෙදුම්වාදීන් කෙරෙහි අපි පහළ කළාක් මෙන්
15:91ජුස් 14 · පි. 267

الَّذِينَ جَعَلُوا الْقُرْآنَ عِضِينَ91

ඔවුහු වනාහි අල් කුර්ආනය කොටස් බවට පත් කළෝය.
15:92ජුස් 14 · පි. 267

فَوَرَبِّكَ لَنَسْأَلَنَّهُمْ أَجْمَعِينَ92

එහෙයින් නුඹගේ පරමාධිපති මත දිවුරමින් ඔවුන් සියල්ලන්ගෙන්ම අපි විමසන්නෙමු.
15:93ජුස් 14 · පි. 267

عَمَّا كَانُوا يَعْمَلُونَ93

ඔවුහු සිදුකරමින් සිටි දෑ පිළිබඳ ව (විමසන්නෙමු.)
15:94ජුස් 14 · පි. 267

فَاصْدَعْ بِمَا تُؤْمَرُ وَأَعْرِضْ عَنِ الْمُشْرِكِينَ94

එහෙයින් නුඹට අණ කරනු ලබන දෑ නුඹ හෙළිපිටම පවසනු. තවද දේව ආදේශයකින් ගැන නුඹ නොසලකා හරිනු.
15:95ජුස් 14 · පි. 267

إِنَّا كَفَيْنَاكَ الْمُسْتَهْزِئِينَ95

සමච්චල් කරන්නන් සම්බන්ධයෙන්, නියත වශයෙන්ම අපි නුඹට ප්‍රමාණවත් වන්නෙමු.
15:96ජුස් 14 · පි. 267

الَّذِينَ يَجْعَلُونَ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ ۚ فَسَوْفَ يَعْلَمُونَ96

ඔවුහු වනාහි ඔවුහු අල්ලාහ් සමග වෙනත් දෙවිඳෙකු පත් කළෝය. එහෙයින් ඔවුහු මතු දැන ගනු ඇත.
15:97ජුස් 14 · පි. 267

وَلَقَدْ نَعْلَمُ أَنَّكَ يَضِيقُ صَدْرُكَ بِمَا يَقُولُونَ97

තවද නියත වශයෙන්ම නුඹේ හදවත ඔවුන් පවසන දැයින් පීඩනයට පත් ව ඇති බව සැබැවින්ම අපි දනිමු.
15:98ජුස් 14 · පි. 267

فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَكُنْ مِنَ السَّاجِدِينَ98

එහෙයින් නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්‍රසංශා ව තුළින් පිවිතුරු කරනු. තවද නුඹ සිරස නමා සුජූද් කරන්නන් සමග වනු.
15:99ජුස් 14 · පි. 267

وَاعْبُدْ رَبَّكَ حَتَّىٰ يَأْتِيَكَ الْيَقِينُ99

තවද ස්ථීර අවසානය නුඹ වෙත පැමිණෙන තෙක් නුඹේ පරමාධිපතිට නුඹ ගැතිකම් කරනු.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න