Al-Humazah

سورة الهمزة

සූරා 104 · මක්කා · 9 පද

104:1ජුස් 30 · පි. 601

وَيْلٌ لِكُلِّ هُمَزَةٍ لُمَزَةٍ1

දොස් නගමින් නින්දා බස් කියන අපහාස කරමින් කේළාම් කියන සෑම කෙනෙකුටම විනාශය අත් වේවා!
104:2ජුස් 30 · පි. 601

الَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُ2

ඔහු ධනය රැස් කොට එය ගණන් කරන්නෙක්ය.
104:3ජුස් 30 · පි. 601

يَحْسَبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ3

නියත වශයෙන්ම ඔහුගේ ධනය ඔහු ව සදාකල් ජීවත් කරනු ඇතැ යි ඔහු සිතයි.
104:4ජුස් 30 · පි. 601

كَلَّا ۖ لَيُنْبَذَنَّ فِي الْحُطَمَةِ4

එසේ නොව සැබැවින්ම ඔහු හුතමාවෙ හි හෙළනු ලබයි.
104:5ජුස් 30 · පි. 601

وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةُ5

හුතමා ව යනු කුමක්දැ යි නුඹලා ව දැනුවත් කළේ කුමක්ද?
104:6ජුස් 30 · පි. 601

نَارُ اللَّهِ الْمُوقَدَةُ6

එය අවුළනු ලැබූ අල්ලාහ්ගේ ගින්නය.
104:7ජුස් 30 · පි. 601

الَّتِي تَطَّلِعُ عَلَى الْأَفْئِدَةِ7

එය සිත් මත එබිකම් කරයි. (පසාරු කරයි)
104:8ජුස් 30 · පි. 601

إِنَّهَا عَلَيْهِمْ مُؤْصَدَةٌ8

සැබැවින්ම එය,ඔවුන් වට කර ගන්නකි.
104:9ජුස් 30 · පි. 601

فِي عَمَدٍ مُمَدَّدَةٍ9

උස් කුලුනු තුළ (හිරකර)

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න