Al-Qari'ah

سورة القارعة

සූරා 101 · මක්කා · 11 පද

101:1ජුස් 30 · පි. 600

الْقَارِعَةُ1

කම්පනය ඇති කරන සිදුවීමකි.
101:2ජුස් 30 · පි. 600

مَا الْقَارِعَةُ2

කම්පනය ඇති කරන සිදුවීම කුමක් ද?
101:3ජුස් 30 · පි. 600

وَمَا أَدْرَاكَ مَا الْقَارِعَةُ3

කම්පනය ඇති කරන සිදුවීම කුමක්දැ යි නුඹට දැනුම් දුන්නේ කුමක්ද?
101:4ජුස් 30 · පි. 600

يَوْمَ يَكُونُ النَّاسُ كَالْفَرَاشِ الْمَبْثُوثِ4

එදින මිනිසා විසිරී යන මේරුන් මෙන් වනු ඇත.
101:5ජුස් 30 · පි. 600

وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ الْمَنْفُوشِ5

තවද කඳු පීරනු ලැබූ ලොම් මෙන් වනු ඇත.
101:6ජුස් 30 · පි. 600

فَأَمَّا مَنْ ثَقُلَتْ مَوَازِينُهُ6

එබැවින් තම (යහකම්හි) තුලාව බරින් වැඩි වූ අය නම්
101:7ජුස් 30 · පි. 600

فَهُوَ فِي عِيشَةٍ رَاضِيَةٍ7

ඔහු තෘප්තිමත් ජීවිතයෙහි පසු වෙයි.
101:8ජුස් 30 · පි. 600

وَأَمَّا مَنْ خَفَّتْ مَوَازِينُهُ8

තවද තම (යහකම්හි) තුලාව බරින් සැහැල්ලු වී ගිය අය නම්,
101:9ජුස් 30 · පි. 600

فَأُمُّهُ هَاوِيَةٌ9

ඔහුගේ වාසස්ථානය හාවියා වේ.
101:10ජුස් 30 · පි. 600

وَمَا أَدْرَاكَ مَا هِيَهْ10

තවද එය (හාවියා) කුමක්දැ යි ඔබ ව දැනුවත් කළේ කුමක්ද?
101:11ජුස් 30 · පි. 600

نَارٌ حَامِيَةٌ11

(එය) දැඩි උෂ්ණයෙන් යුත් ගින්නකි.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න