Al-Bayyinah

سورة البينة

සූරා 98 · මදීනා · 8 පද

98:1ජුස් 30 · පි. 598

لَمْ يَكُنِ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ وَالْمُشْرِكِينَ مُنْفَكِّينَ حَتَّىٰ تَأْتِيَهُمُ الْبَيِّنَةُ1

වේද ග්‍රන්ථ සතු ජනයා හා ආදේශ තබන්නන් අතුරින් වූ ප්‍රතික්ෂේප කළ අය තමන් වෙත පැහැදිලි සාධකය පැමිණෙන තෙක් (ප්‍රතික්ෂේප කිරීමෙන්) ඉවත්වන්නෝ නොවූහ.
98:2ජුස් 30 · පි. 598

رَسُولٌ مِنَ اللَّهِ يَتْلُو صُحُفًا مُطَهَّرَةً2

එනම් පිවිතුරු කරන ලද පත්‍රිකා කියවන අල්ලාහ්ගෙන් වූ දේව දූතයා ය.
98:3ජුස් 30 · පි. 598

فِيهَا كُتُبٌ قَيِّمَةٌ3

එහි නිවැරදි නීති රීති ඇත.
98:4ජුස් 30 · පි. 598

وَمَا تَفَرَّقَ الَّذِينَ أُوتُوا الْكِتَابَ إِلَّا مِنْ بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَةُ4

තවද වේද ග්‍රන්ථය පිරිනමනු ලැබූ ජනයා ඔවුනට පැහැදිලි සාධකය පැමිණීමෙන් පසු ව මිස ඔවුහු වෙන් ව නොගියහ.
98:5ජුස් 30 · පි. 598

وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ وَيُقِيمُوا الصَّلَاةَ وَيُؤْتُوا الزَّكَاةَ ۚ وَذَٰلِكَ دِينُ الْقَيِّمَةِ5

පිවිතුරු දහම අල්ලාහ්ට පුද කරමින් ඔහු ව නැමදීමටත් සලාතය ස්ථාපිත කිරීමටත් zසකාත් පිරිනැමීමටත් මිස ඔවුහු අණ කරනු නොලැබුවෝය. තවද ඍජු දහම වනුයේ එයයි.
98:6ජුස් 30 · පි. 599

إِنَّ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ وَالْمُشْرِكِينَ فِي نَارِ جَهَنَّمَ خَالِدِينَ فِيهَا ۚ أُولَٰئِكَ هُمْ شَرُّ الْبَرِيَّةِ6

සැබැවින්ම පුස්තක ලත් ජනයා හා ආදේශ තබන්නන් අතුරින් වූ ප්‍රතික්ෂේප කළවුන් නිරා ගින්නෙහිය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. ඔවුන්මය මැවීම් අතුරින් ඉතා අයහපත්ම මැවීම වනුයේ.
98:7ජුස් 30 · පි. 599

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَٰئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ7

සැබැවින්ම විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළවුන් වන ඔවුහුමය මැවීම් අතුරින් ශ්‍රේෂ්ඨ වන්නෝ.
98:8ජුස් 30 · පි. 599

جَزَاؤُهُمْ عِنْدَ رَبِّهِمْ جَنَّاتُ عَدْنٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۖ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ۚ ذَٰلِكَ لِمَنْ خَشِيَ رَبَّهُ8

ඔවුන්ගේ පරමාධිපති අබියස වූ ඔවුන්ගේ ප්‍රතිඵල වනුයේ පහළින් ගංගාවන් ගලා බස්නා අද්න් නම් ස්වර්ග උයන්ය. ඔවුහු එහි සදහටම සදාතනිකයෝ වෙති. අල්ලාහ් ඔවුන් ව පිළිගත්තේය. ඔවුහුද ඔහු ව පිළිගත්තෝය. එය තම පරමාධිපතිට බිය වූ අයටය.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න