عَبَسَ وَتَوَلَّىٰ1
ඔහු මුහුණ හකුළා හැරුනේය.
أَنْ جَاءَهُ الْأَعْمَىٰ2
අන්ධයෙකු තමන් වෙත පැමිණීම හේතු කොටගෙන
وَمَا يُدْرِيكَ لَعَلَّهُ يَزَّكَّىٰ3
ඔහු පිවිතුරු වනු ඇතැයි ඔබ ව දැනුවත් කරනුයේ කුමක් ද?
أَوْ يَذَّكَّرُ فَتَنْفَعَهُ الذِّكْرَىٰ4
එසේ නැතහොත් ඔහු මෙනෙහි කර එම මෙනෙහි කිරීම ඔහුට යහපතක් වනු ඇතැයි (ඔබ ව දැනුවත් කරනුයේ කුමක් ද?)
أَمَّا مَنِ اسْتَغْنَىٰ5
(යහමග පිළිබඳ) අවශ්යතාව නොමැති අය වූ කලී
فَأَنْتَ لَهُ تَصَدَّىٰ6
නුඹ ඔහු වෙතට අවධානය යොමු කරන්නෙහිය.
وَمَا عَلَيْكَ أَلَّا يَزَّكَّىٰ7
තවද ඔහු පිවිතුරු නොවීම ගැන ඔබ කෙරෙහි දොසක් නොමැත.
وَأَمَّا مَنْ جَاءَكَ يَسْعَىٰ8
තවද ඔබ වෙත කැපවීමෙන් පැමිණි අය පිළිබඳ වූ කලී
وَهُوَ يَخْشَىٰ9
බිය බැතිමත් වී
فَأَنْتَ عَنْهُ تَلَهَّىٰ10
ඔබ ඔහු පිළිබඳ නොසලකා හැරියෙහි ය.
كَلَّا إِنَّهَا تَذْكِرَةٌ11
එසේ නොව සැබැවින්ම එය සිහිවටනයකි.
فَمَنْ شَاءَ ذَكَرَهُ12
එහෙයින් කවරෙක් අභිමත වූයේ ද ඔහු එය මෙනෙහි කරත්වා!
فِي صُحُفٍ مُكَرَّمَةٍ13
(මෙම වදන්) ගෞරවනීය පුස්තකයෙහි ය.
مَرْفُوعَةٍ مُطَهَّرَةٍ14
පවිත්ර වූ උසස් (පුස්තකයෙහි ය.)
بِأَيْدِي سَفَرَةٍ15
(මලක්වරුන්ගේ) අත්වලින් (ලියන ලද්දකි.)
كِرَامٍ بَرَرَةٍ16
ගෞරවාන්විත, පිවිතුරු දැහැමි (මලක්වරුන්ගේ) අත්වලින් (ලියන ලද්දකි.)
قُتِلَ الْإِنْسَانُ مَا أَكْفَرَهُ17
මිනිසාට ශාපය අත් වේවා ! ඔහු ව ප්රතික්ෂේපකයෙකු බවට පත් කළේ කුමක් ද?
مِنْ أَيِّ شَيْءٍ خَلَقَهُ18
කුමන දෙයකින් ඔහු ව ඔහු(අල්ලාහ්) මැව්වේ ද?
مِنْ نُطْفَةٍ خَلَقَهُ فَقَدَّرَهُ19
ඔහු(අල්ලාහ් මිනිසා වන) ඔහු ව ශුක්රාණු බිඳුවකින් මවා පසුව ඔහු ව ප්රමාණවත් ලෙස සැකසුවේය.
ثُمَّ السَّبِيلَ يَسَّرَهُ20
අනතුරුව ඔහුට (ජීවන) මාර්ගය පහසු කළේය.
ثُمَّ أَمَاتَهُ فَأَقْبَرَهُ21
පසු ව ඔහු ඔහු ව මරණයට පත් කළේය. ඉන්පසුව ඔහු ඔහු ව වළ දැමුවේය.
ثُمَّ إِذَا شَاءَ أَنْشَرَهُ22
පසු ව ඔහු අභිමත වූ විට ඔහු ඔහු ව නැගිටුවන්නේය.
كَلَّا لَمَّا يَقْضِ مَا أَمَرَهُ23
නොඑසේය. ඔහු ඔහුට අණ කළ දෑ ඔහු ඉටු නොකළේය.
فَلْيَنْظُرِ الْإِنْسَانُ إِلَىٰ طَعَامِهِ24
එබැවින් මිනිසා ඔහුගේ ආහාරය දෙස බලත්වා !
أَنَّا صَبَبْنَا الْمَاءَ صَبًّا25
සැබැවින්ම අපි (වර්ෂා) ජලය අධික වශයෙන් හැළුවෙමු.
ثُمَّ شَقَقْنَا الْأَرْضَ شَقًّا26
පසු ව අපි පොළොව පැල්මක් වශයෙන් පැළුවෙමු.
فَأَنْبَتْنَا فِيهَا حَبًّا27
එහි බීජ ද අපි හට ගැන්වූයෙමු.
وَعِنَبًا وَقَضْبًا28
මිදි හා එළවළු ද
وَزَيْتُونًا وَنَخْلًا29
ඔලිව් හා රටඉඳි ගස් ද
وَحَدَائِقَ غُلْبًا30
ඝණ උයන් ද
وَفَاكِهَةً وَأَبًّا31
පලතුරු හා උදුපියලිය ද (අපි හට ගැන්වූයෙමු.)
مَتَاعًا لَكُمْ وَلِأَنْعَامِكُمْ32
නුඹලාට ද නුඹලාගේ ගොවිපළ සතුන්ට ද රස විඳීමක් වශයෙන්
فَإِذَا جَاءَتِ الصَّاخَّةُ33
එබැවින් මහා හඬ පැමිණි විට
يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ34
එදින මිනිසා ඔහුගේ සහෝදරයාගෙන් ද පලා යනු ඇත.
وَأُمِّهِ وَأَبِيهِ35
ඔහුගේ මව හා ඔහුගේ පියාගෙන් ද (පලා යනු ඇත.)
وَصَاحِبَتِهِ وَبَنِيهِ36
ඔහුගේ භාර්යාව හා ඔහුගේ දරුවන්ගෙන් ද (පලා යනු ඇත.)
لِكُلِّ امْرِئٍ مِنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ37
එදින ඔවුන් අතුරින් සෑම මිනිසෙකුටම ඔහු ව නිරත කරවන කරුණු ඇත.
وُجُوهٌ يَوْمَئِذٍ مُسْفِرَةٌ38
එදින (ඇතැම්) මුහුණු පැහැපත් ව පවතී.
ضَاحِكَةٌ مُسْتَبْشِرَةٌ39
සිනහ මුසු ව ප්රීතියෙන් (පවතී.)
وَوُجُوهٌ يَوْمَئِذٍ عَلَيْهَا غَبَرَةٌ40
තවද (ඇතැම්) මුහුණු එදින ඒවා මත දූවිලි පවතී.
تَرْهَقُهَا قَتَرَةٌ41
අඳුර ඒවා වසා ගනු ඇත.
أُولَٰئِكَ هُمُ الْكَفَرَةُ الْفَجَرَةُ42
ඔවුහුමය ප්රතික්ෂේප කළ දුෂ්ටයෝ.