Al-Haqqah

سورة الحاقة

සූරා 69 · මක්කා · 52 පද

69:1ජුස් 29 · පි. 566

الْحَاقَّةُ1

අල්-හාක්කා
69:2ජුස් 29 · පි. 566

مَا الْحَاقَّةُ2

අල්-හාක්කා යනු කුමක් ද?
69:3ජුස් 29 · පි. 566

وَمَا أَدْرَاكَ مَا الْحَاقَّةُ3

අල්-හාක්කා යනු කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
69:4ජුස් 29 · පි. 566

كَذَّبَتْ ثَمُودُ وَعَادٌ بِالْقَارِعَةِ4

(හදවත්) තට්ටු කරන දිනය පිළිබඳ සමූද් ජනයා හා ආද් ජනයා බොරු කළෝය.
69:5ජුස් 29 · පි. 566

فَأَمَّا ثَمُودُ فَأُهْلِكُوا بِالطَّاغِيَةِ5

සමූද් ජනයා වූ කලී ඔවුහු මහා හඬකින් විනාශ කරනු ලැබූහ.
69:6ජුස් 29 · පි. 566

وَأَمَّا عَادٌ فَأُهْلِكُوا بِرِيحٍ صَرْصَرٍ عَاتِيَةٍ6

තවද ආද් ජනයා වූ කලී ඔවුන් දැඩි හඬකින් යුත් සුළී සුළඟකින් විනාශ කරනු ලැබීය.
69:7ජුස් 29 · පි. 566

سَخَّرَهَا عَلَيْهِمْ سَبْعَ لَيَالٍ وَثَمَانِيَةَ أَيَّامٍ حُسُومًا فَتَرَى الْقَوْمَ فِيهَا صَرْعَىٰ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ خَاوِيَةٍ7

එය ඔවුන් වෙත රාත්‍රී හතක් හා දහවල් අටක් අඛණ්ඩ ව ඔහු එවීය. එවිට ඔවුන් බොල් වූ ඉඳි ගස් වල කඳන් මෙන් එහි විනාශයට පත් ව සිටිනු නුඹ දකින්නට තිබුණි.
69:8ජුස් 29 · පි. 566

فَهَلْ تَرَىٰ لَهُمْ مِنْ بَاقِيَةٍ8

එවිට ඔවුන්ගෙන් ඉතිරි ව සිටින කිසිවකු හෝ නුඹ දුටුවේද?
69:9ජුස් 29 · පි. 567

وَجَاءَ فِرْعَوْنُ وَمَنْ قَبْلَهُ وَالْمُؤْتَفِكَاتُ بِالْخَاطِئَةِ9

ෆිර්අවුන් හා ඔහුට පෙර වූවන් ද උඩුයටිකුරු පෙරළා දමනු ලැබූවන් ද වැරදි කරමින් පැමිණියෝය.
69:10ජුස් 29 · පි. 567

فَعَصَوْا رَسُولَ رَبِّهِمْ فَأَخَذَهُمْ أَخْذَةً رَابِيَةً10

එවිට ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ දූතයාණන්ට පිටුපෑහ. එහෙයින් බිහිසුණු ග්‍රහණයකින් ඔහු ඔවුන් හසු කළේය.
69:11ජුස් 29 · පි. 567

إِنَّا لَمَّا طَغَى الْمَاءُ حَمَلْنَاكُمْ فِي الْجَارِيَةِ11

ජලය ඉක්මවා ගිය කල්හි නියත වශයෙන්ම අපි නුඹලා ව යාත්‍රාවේ ඉසිලුවෙමු.
69:12ජුස් 29 · පි. 567

لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَتَعِيَهَا أُذُنٌ وَاعِيَةٌ12

එය අපි නුඹලාට මෙනෙහි කිරීමක් බවට පත් කරනු පිණිස හා ධාරණය කරන සවන් එය ධාරණය කරනු පිණිසය.
69:13ජුස් 29 · පි. 567

فَإِذَا نُفِخَ فِي الصُّورِ نَفْخَةٌ وَاحِدَةٌ13

හොරණෑවෙහි එක් පිඹුමක් පිඹිනු ලැබූ විට
69:14ජුස් 29 · පි. 567

وَحُمِلَتِ الْأَرْضُ وَالْجِبَالُ فَدُكَّتَا دَكَّةً وَاحِدَةً14

තවද මහපොළොව හා කඳු ඔසවනු ලැබ ඒ දෙක එක පහරින් හෙළනු ලබන විට,
69:15ජුස් 29 · පි. 567

فَيَوْمَئِذٍ وَقَعَتِ الْوَاقِعَةُ15

එදින සිදු වන දෑ සිදු වනු ඇත.
69:16ජුස් 29 · පි. 567

وَانْشَقَّتِ السَّمَاءُ فَهِيَ يَوْمَئِذٍ وَاهِيَةٌ16

තවද අහස පැළී යනු ඇත. එවිට එය එදින දුර්වල ව පවතී.
69:17ජුස් 29 · පි. 567

وَالْمَلَكُ عَلَىٰ أَرْجَائِهَا ۚ وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍ ثَمَانِيَةٌ17

තවද ඒ අවට පැතිවල මලක්වරුන් වෙති. එදින ඔවුනට ඉහළින් අට දෙනෙකු නුඹේ පරමාධිපතිගේ අර්ෂ් (හෙවත් රාජධානිය) ඔසවා ගෙන සිටිති.
69:18ජුස් 29 · පි. 567

يَوْمَئِذٍ تُعْرَضُونَ لَا تَخْفَىٰ مِنْكُمْ خَافِيَةٌ18

එදින නුඹලා ඉදිරිපත් කරනු ලබන්නෙහුය. සඟවන කිසිවක් නුඹලා අතුරින් සැඟවෙන්නේ නැත.
69:19ජුස් 29 · පි. 567

فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَيَقُولُ هَاؤُمُ اقْرَءُوا كِتَابِيَهْ19

තම වාර්තාව තම දකුණතට දෙනු ලැබූ අය වූ කලී “ඕ මෙන්න! මාගේ වාර්තාව නුඹලා කියවා බලනු.
69:20ජුස් 29 · පි. 567

إِنِّي ظَنَنْتُ أَنِّي مُلَاقٍ حِسَابِيَهْ20

නියත වශයෙන්ම මාගේ විනිශ්චයට නියත වශයෙන්ම මම සම්මුඛ වන බව සැබැවින්ම මම සිතුවෙමි” යැයි පවසයි.
69:21ජුස් 29 · පි. 567

فَهُوَ فِي عِيشَةٍ رَاضِيَةٍ21

එවිට ඔහු තෘප්තිමත් ජීවිතයෙහි වෙයි.
69:22ජුස් 29 · පි. 567

فِي جَنَّةٍ عَالِيَةٍ22

උසස් (ස්වර්ග) උයනෙහි වෙයි.
69:23ජුස් 29 · පි. 567

قُطُوفُهَا دَانِيَةٌ23

එහි වලුබරින් යුත් පලතුරු සමීපයෙන් පවතියි.
69:24ජුස් 29 · පි. 567

كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا أَسْلَفْتُمْ فِي الْأَيَّامِ الْخَالِيَةِ24

“පසු ගිය දින වල නුඹලා ගත කළ (හොඳ දෑ) හේතුවෙන් නුඹලා සතුටින් අනුභව කරනු. තවද පානය කරනු” (යැයි පවසනු ලැබේ.)
69:25ජුස් 29 · පි. 567

وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِشِمَالِهِ فَيَقُولُ يَا لَيْتَنِي لَمْ أُوتَ كِتَابِيَهْ25

තවද තම වාර්තා පොත තම වමතට දෙනු ලැබූ අය වූ කලී, “අහෝ ! මාගේ විනාශය ! මාගේ වාර්තාව මට දෙනු නොලැබුවේ නම් !” යැයි පවසයි.
69:26ජුස් 29 · පි. 567

وَلَمْ أَدْرِ مَا حِسَابِيَهْ26

“තවද මාගේ විනිශ්චය කුමක්දැයි මා නොදනී නම් !”
69:27ජුස් 29 · පි. 567

يَا لَيْتَهَا كَانَتِ الْقَاضِيَةَ27

“අහෝ ඛේදය! එය(මරණය) අවසන් තීන්දුව වූයේ නම්” යැයි පවසයි.
69:28ජුස් 29 · පි. 567

مَا أَغْنَىٰ عَنِّي مَالِيَهْ ۜ28

“මාගේ ධනය මට කිසිදු ඵලක් නොදුන්නේය.”
69:29ජුස් 29 · පි. 567

هَلَكَ عَنِّي سُلْطَانِيَهْ29

“මාගේ බලය මගෙන් පහ ව ගොස් ඇත.” (යැයි තවදුරටත් පවසයි.)
69:30ජුස් 29 · පි. 567

خُذُوهُ فَغُلُّوهُ30

“නුඹලා ඔහු ව ග්‍රහණය කරනු. තවද ඔහුට විලංගු දමනු.”
69:31ජුස් 29 · පි. 567

ثُمَّ الْجَحِيمَ صَلُّوهُ31

පසු ව ඔහු ව නිරයට ඇද දමා පුළුස්සනු.
69:32ජුස් 29 · පි. 567

ثُمَّ فِي سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُونَ ذِرَاعًا فَاسْلُكُوهُ32

ඔහු රියන් හැත්තෑවක් දිගු දම්වැලක් තුළ වෙයි. නුඹලා ඔහු ව එහි බැඳ දමනු.
69:33ජුස් 29 · පි. 567

إِنَّهُ كَانَ لَا يُؤْمِنُ بِاللَّهِ الْعَظِيمِ33

නියත වශයෙන්ම ඔහු සර්ව බලධාරී අල්ලාහ් විශ්වාස නොකරන්නෙකු විය.
69:34ජුස් 29 · පි. 567

وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ34

තවද දිළිඳුන්ට ආහාර සැපයීමට දිරි ගැන්වූයේ ද නැත.
69:35ජුස් 29 · පි. 567

فَلَيْسَ لَهُ الْيَوْمَ هَاهُنَا حَمِيمٌ35

එහෙයින් අද දින ඔහුට මෙහි කිසිදු සමීප මිතුරෙකු නැත.
69:36ජුස් 29 · පි. 568

وَلَا طَعَامٌ إِلَّا مِنْ غِسْلِينٍ36

(තුවාලවල) සැරව මිස වෙනත් කිසිදු ආහාරයක් ද නැත.
69:37ජුස් 29 · පි. 568

لَا يَأْكُلُهُ إِلَّا الْخَاطِئُونَ37

වැරදි කළවුන් මිස එය කිසිවකු අනුභව නොකරයි.
69:38ජුස් 29 · පි. 568

فَلَا أُقْسِمُ بِمَا تُبْصِرُونَ38

නුඹලා දකින දෑ මත ද මම දිවුරමි.
69:39ජුස් 29 · පි. 568

وَمَا لَا تُبْصِرُونَ39

නුඹලා නොදකින දෑ මත ද මම දිවුරමි.
69:40ජුස් 29 · පි. 568

إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ40

නියත වශයෙන්ම මෙය ගෞරවනීය දූතයකුගේ ප්‍රකාශයකි.
69:41ජුස් 29 · පි. 568

وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍ ۚ قَلِيلًا مَا تُؤْمِنُونَ41

තවද එය කවියකුගේ ප්‍රකාශයක් ද නොවෙයි. නුඹලා විශ්වාස කරනුයේ ස්වල්පයකි.
69:42ජුස් 29 · පි. 568

وَلَا بِقَوْلِ كَاهِنٍ ۚ قَلِيلًا مَا تَذَكَّرُونَ42

එය හූනියම්කරුවකුගේ ප්‍රකාශයක් ද නොවෙයි. නුඹලා මෙනෙහි කරන්නේ ස්වල්පයකි.
69:43ජුස් 29 · පි. 568

تَنْزِيلٌ مِنْ رَبِّ الْعَالَمِينَ43

(එය) සකල ලෝකයන්ගේ පරමාධිපතිගෙන් පහළ කරනු ලැබූවකි.
69:44ජුස් 29 · පි. 568

وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ الْأَقَاوِيلِ44

ප්‍රබන්ධයන් සමහරක් අප වෙත ඔහු ගොතා පැවසුවේ නම්
69:45ජුස් 29 · පි. 568

لَأَخَذْنَا مِنْهُ بِالْيَمِينِ45

අපි ඔහු ව දකුණතින් හසුකර ගන්නෙමු.
69:46ජුස් 29 · පි. 568

ثُمَّ لَقَطَعْنَا مِنْهُ الْوَتِينَ46

පසු ව ප්‍රාණ නාළය ඔහුගෙන් අපි කපා හරින්නෙමු.
69:47ජුස් 29 · පි. 568

فَمَا مِنْكُمْ مِنْ أَحَدٍ عَنْهُ حَاجِزِينَ47

එවිට නුඹලා අතුරින් කිසිවෙකු හෝ (අපගෙන්) ඔහුව වළක්වන්නන් ලෙස නොසිටියි.
69:48ජුස් 29 · පි. 568

وَإِنَّهُ لَتَذْكِرَةٌ لِلْمُتَّقِينَ48

තවද නියත වශයෙන්ම එය බිය බැතිමතුන්හට මෙනෙහි කිරීමකි.
69:49ජුස් 29 · පි. 568

وَإِنَّا لَنَعْلَمُ أَنَّ مِنْكُمْ مُكَذِّبِينَ49

නියත වශයෙන්ම නුඹලා අතුරින් මුසාවාදීන් සිටින බව සැබැවින්ම අපි දනිමු.
69:50ජුස් 29 · පි. 568

وَإِنَّهُ لَحَسْرَةٌ عَلَى الْكَافِرِينَ50

තවද නියත වශයෙන්ම එය දේව ප්‍රතික්ෂේපකයින්හට බලවත් ශෝකයකි.
69:51ජුස් 29 · පි. 568

وَإِنَّهُ لَحَقُّ الْيَقِينِ51

තවද නියත වශයෙන්ම එය ස්ථීර සත්‍යයකි.
69:52ජුස් 29 · පි. 568

فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ52

එහෙයින් නුඹගේ සර්ව බලධාරී පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න