Ad-Duha

سورة الضحى

සූරා 93 · මක්කා · 11 පද

93:1ජුස් 30 · පි. 596

وَالضُّحَىٰ1

පෙරවරු ව මත දිවුරමින්
93:2ජුස් 30 · පි. 596

وَاللَّيْلِ إِذَا سَجَىٰ2

තවද රාත්‍රිය මත දිවුරමින් එය (දහවල) ආවරණය කරන විට,
93:3ජුස් 30 · පි. 596

مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ3

නුඹගේ පරමාධිපති නුඹ ව අතහැර දැමුවේ නැත. එමෙන්ම ඔහු අමනාප වූයේ ද නැත.
93:4ජුස් 30 · පි. 596

وَلَلْآخِرَةُ خَيْرٌ لَكَ مِنَ الْأُولَىٰ4

සැබැවින්ම, ආරම්භයට වඩා අවසානය නුඹට වඩාත් යහපත් ය.

وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰ5

තවද නුඹගේ පරමාධිපති නුඹට මතුවට මතු පිරිනමනු ඇත. එවිට නුඹ තෘප්තියට පත් වනු ඇත.
93:6ජුස් 30 · පි. 596

أَلَمْ يَجِدْكَ يَتِيمًا فَآوَىٰ6

ඔහු නුඹ ව අනාථයෙකු ලෙස දුටුවේය. එවිට ඔහු රැකවරණය දුන්නේය.
93:7ජුස් 30 · පි. 596

وَوَجَدَكَ ضَالًّا فَهَدَىٰ7

තවද නුඹ ව අතරමං වූවෙකු ලෙස දුටුවේය. එවිට ඔහු මඟ පෙන්වූයේය.
93:8ජුස් 30 · පි. 596

وَوَجَدَكَ عَائِلًا فَأَغْنَىٰ8

තවද ඔහු නුඹ ව අවශ්‍යතාව ඇත්තෙකු ලෙස දුටුවේය. එවිට ඔහු ස්වයංපෝෂිත කළේය.
93:9ජුස් 30 · පි. 596

فَأَمَّا الْيَتِيمَ فَلَا تَقْهَرْ9

එහෙයින් අනාථයාට කටුක ලෙස නොසළකනු.
93:10ජුස් 30 · පි. 596

وَأَمَّا السَّائِلَ فَلَا تَنْهَرْ10

තවද අයදින්නා ව පලවා නොහරිනු.
93:11ජුස් 30 · පි. 596

وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ11

තවද නුඹගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් ගැන නුඹ ප්‍රකාශ කරනු.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න