At-Tariq

سورة الطارق

සූරා 86 · මක්කා · 17 පද

86:1ජුස් 30 · පි. 591

وَالسَّمَاءِ وَالطَّارِقِ1

අහස මත ද තාරික් මත ද දිවුරමින්.
86:2ජුස් 30 · පි. 591

وَمَا أَدْرَاكَ مَا الطَّارِقُ2

තාරික් යනු කුමක් දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
86:3ජුස් 30 · පි. 591

النَّجْمُ الثَّاقِبُ3

(එය) අඳුර පසාරු කරමින් බැබළෙන තාරකාවකි.
86:4ජුස් 30 · පි. 591

إِنْ كُلُّ نَفْسٍ لَمَّا عَلَيْهَا حَافِظٌ4

නිරීක්ෂකයෙකුගෙන් තොර ව කිසිදු ආත්මයක් නොමැත.
86:5ජුස් 30 · පි. 591

فَلْيَنْظُرِ الْإِنْسَانُ مِمَّ خُلِقَ5

මිනිසා තමන් මවනු ලැබුවේ කුමකින් දැයි සිතා බලත්වා !
86:6ජුස් 30 · පි. 591

خُلِقَ مِنْ مَاءٍ دَافِقٍ6

විදින ජලයෙන් ඔහු මවනු ලැබුවේය.
86:7ජුස් 30 · පි. 591

يَخْرُجُ مِنْ بَيْنِ الصُّلْبِ وَالتَّرَائِبِ7

කොන්ද හා පපු පෙදෙස අතරින් පිටවන
86:8ජුස් 30 · පි. 591

إِنَّهُ عَلَىٰ رَجْعِهِ لَقَادِرٌ8

සැබැවින්ම ඔහු නැවත ඔහු ව ගෙන්වා ගැනීමට ශක්තිවන්තයා ය.
86:9ජුස් 30 · පි. 591

يَوْمَ تُبْلَى السَّرَائِرُ9

රහස්‍ය දෑ පිරික්සනු ලබන දින.
86:10ජුස් 30 · පි. 591

فَمَا لَهُ مِنْ قُوَّةٍ وَلَا نَاصِرٍ10

එවිට කිසිදු බලයක් හෝ කිසිදු උදව් කරුවෙකු හෝ ඔහුට නොමැත.
86:11ජුස් 30 · පි. 591

وَالسَّمَاءِ ذَاتِ الرَّجْعِ11

තවද (වර්ෂාව නැවත) නැවත ලබා දෙන ස්වභාවයෙන් යුත් අහස මත ද දිවුරමින්
86:12ජුස් 30 · පි. 591

وَالْأَرْضِ ذَاتِ الصَّدْعِ12

පැළීම් ස්වභාවයෙන් යුත් මහපොළොව මත ද දිවුරමින්
86:13ජුස් 30 · පි. 591

إِنَّهُ لَقَوْلٌ فَصْلٌ13

සැබැවින්ම එය තීරණාත්මක වදනකි.
86:14ජුස් 30 · පි. 591

وَمَا هُوَ بِالْهَزْلِ14

තවද එය සරදමක් නොවේ.
86:15ජුස් 30 · පි. 591

إِنَّهُمْ يَكِيدُونَ كَيْدًا15

සැබැවින්ම ඔවුන් කුමන්ත්‍රණයක් කුමන්ත්‍රණය කරති.
86:16ජුස් 30 · පි. 591

وَأَكِيدُ كَيْدًا16

මම ද සැලසුමක් සැලසුම් කරමි.
86:17ජුස් 30 · පි. 591

فَمَهِّلِ الْكَافِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًا17

එබැවින් ප්‍රතික්ෂේපකයින්ට නුඹ අවකාශය දෙනු. තවද ඔවුනට ස්වල්ප කලකට අවකාශය සලසා දෙනු.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න