Az-Zalzalah

سورة الزلزلة

සූරා 99 · මදීනා · 8 පද

99:1ජුස් 30 · පි. 599

إِذَا زُلْزِلَتِ الْأَرْضُ زِلْزَالَهَا1

මහපොළොව එහි කම්පනයෙන් කම්පනය කරනු ලැබූ විට
99:2ජුස් 30 · පි. 599

وَأَخْرَجَتِ الْأَرْضُ أَثْقَالَهَا2

මහපොළොව එහි ඇති බර බැහැර කළ විට
99:3ජුස් 30 · පි. 599

وَقَالَ الْإِنْسَانُ مَا لَهَا3

එයට කුමක් වී ඇත්දැ යි මිනිසා පවසයි.
99:4ජුස් 30 · පි. 599

يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا4

එදින එය එහි තොරතුරු පිළිබඳ දන්වා සිටියි.
99:5ජුස් 30 · පි. 599

بِأَنَّ رَبَّكَ أَوْحَىٰ لَهَا5

සැබැවින්ම නුඹේ පරමාධිපති එයට දැනුම් දුන් බවට
99:6ජුස් 30 · පි. 599

يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِيُرَوْا أَعْمَالَهُمْ6

එදින තම ක්‍රියාවන් දැක ගනු පිණිස ජනයා කණ්ඩායම් වශයෙන් පිටත් ව පැමිණෙයි.
99:7ජුස් 30 · පි. 599

فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ7

එහෙයින් කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් යහපතක් කර ඇත්තේ ද ඔහු එය දැක ගනී.
99:8ජුස් 30 · පි. 599

وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ8

කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න

Ali Jaber - Az-Zalzalah · Tlawati