سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى1
නුඹගේ උත්කෘෂ්ට පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු.
الَّذِي خَلَقَ فَسَوَّىٰ2
මවා සැකසූ ද,
وَالَّذِي قَدَّرَ فَهَدَىٰ3
නිර්ණය කර මඟ පෙන් වූ ද,
وَالَّذِي أَخْرَجَ الْمَرْعَىٰ4
තවද ඔහු තණ බිම් පිට කර
فَجَعَلَهُ غُثَاءً أَحْوَىٰ5
පසු ව එය (වියැළුණු) කළු පැහැති ඉපැනලි බවට පත් කළේය.
سَنُقْرِئُكَ فَلَا تَنْسَىٰ6
අපි ඔබට මතුවට කියවා පෙන්වන්නෙමු.
إِلَّا مَا شَاءَ اللَّهُ ۚ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَىٰ7
අල්ලාහ් අභිමත වූ දෑ හැර (අන් කිසිවක්) නුඹ අමතක නොකරන්නෙහිය. සැබැවින්ම ඔහු සැඟවුණු දෑ ද ප්රකට දෑ ද දන්නා ය
وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ8
තවද අපි පහසු ව වෙත නුඹට පහසු කරවන්නෙමු.
فَذَكِّرْ إِنْ نَفَعَتِ الذِّكْرَىٰ9
එබැවින් සිහිපත් කිරීම (අසන්නාට) ප්රයෝජනවත් වේ නම් නුඹ (කුර්ආනය මගින්) සිහිපත් කරනු.
سَيَذَّكَّرُ مَنْ يَخْشَىٰ10
කවරෙකු (අල්ලාහ්ට) බිය වන්නේ ද ඔහු සිහිපත් කර ගනු ඇත.
وَيَتَجَنَّبُهَا الْأَشْقَى11
තවද අභාග්යවන්තයා එය වළක්වා ගන්නේය.
الَّذِي يَصْلَى النَّارَ الْكُبْرَىٰ12
ඔහු (නිරයේ) මහත් ගින්නට පිවිසෙයි.
ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ13
පසු ව ඔහු එහි මරණයට පත් නොවෙයි. ජීවත් ද නොවෙයි.
قَدْ أَفْلَحَ مَنْ تَزَكَّىٰ14
සැබැවින්ම (කුර්ආනයේ උපදෙස මගින්) පිවිතුරු කර ගත් අය ජයග්රහණය කළේය. ත
وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّىٰ15
තවද ඔහු තම පරමාධිපතිගේ නාමය සිහිපත් කර පසු ව සලාතය ද ඉටු කළේය.
بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ الدُّنْيَا16
නමුත් නුඹලා මෙලොව ජීවිතය තෝරා ගන්නෙහුය.
وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَىٰ17
(මෙලොව ජීවිතයට වඩා) මතු ලොව උතුම් ය. තවද සදා පවතින්නකි.
إِنَّ هَٰذَا لَفِي الصُّحُفِ الْأُولَىٰ18
පූර්ව ලේඛනයන්හි (සඳහන් ව) ඇත.
صُحُفِ إِبْرَاهِيمَ وَمُوسَىٰ19
සැබැවින්ම මෙය ඉබ්රාහීම් හා මූසාගේ ලේඛන වන (පූර්ව ලේඛනයන්හි (සඳහන් ව) ඇත.)