Al-Mutaffifin

سورة المطففين

සූරා 83 · මක්කා · 36 පද

83:1ජුස් 30 · පි. 587

وَيْلٌ لِلْمُطَفِّفِينَ1

කිරුම් මිනුම් වල වංචා කරන්නන්හට විනාශය ය.
83:2ජුස් 30 · පි. 587

الَّذِينَ إِذَا اكْتَالُوا عَلَى النَّاسِ يَسْتَوْفُونَ2

තමන් මිනිසුන්ගෙන් කිරා ගන්නා විට සම්පූර්ණයෙන්ම කිරා ගනිමින්,
83:3ජුස් 30 · පි. 587

وَإِذَا كَالُوهُمْ أَوْ وَزَنُوهُمْ يُخْسِرُونَ3

කිරා දෙන විට හෝ මැන දෙන විට කිරුම් මිනුම් වල වංචා කරන්නන්හට විනාශය ය.
83:4ජුස් 30 · පි. 587

أَلَا يَظُنُّ أُولَٰئِكَ أَنَّهُمْ مَبْعُوثُونَ4

නියත වශයෙන්ම තමන් නැගිටුවනු ලබන්නන් බව ඔවුහු නොසිතන්නෝ ද?
83:5ජුස් 30 · පි. 588

لِيَوْمٍ عَظِيمٍ5

මහත් වූ දිනයක
83:6ජුස් 30 · පි. 588

يَوْمَ يَقُومُ النَّاسُ لِرَبِّ الْعَالَمِينَ6

එදින මිනිස්සු සකල ලෝකයේ පරමාධිපති ඉදිරියේ නැගී සිටිනු ඇත.
83:7ජුස් 30 · පි. 588

كَلَّا إِنَّ كِتَابَ الْفُجَّارِ لَفِي سِجِّينٍ7

නොඑසේය. නියත වශයෙන්ම අපරාධකරුවන්ගේ ලේඛනය සිජ්ජීන්හි ය.
83:8ජුස් 30 · පි. 588

وَمَا أَدْرَاكَ مَا سِجِّينٌ8

(නබිවරයාණනි!) සිජ්ජීන් යනු කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?
83:9ජුස් 30 · පි. 588

كِتَابٌ مَرْقُومٌ9

(එය මිනිසාගේ සියලු ක්‍රියාවන්) ගති පැවතුම්) ලියන ලද වාර්තා පොතකි.
83:10ජුස් 30 · පි. 588

وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ10

මුසා බස් පවසන්නන් හට එදින විනාශයය.
83:11ජුස් 30 · පි. 588

الَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ الدِّينِ11

විනිශ්චය දිනය බොරු යැයි (මුසා බස් පවසන්නන්)
83:12ජුස් 30 · පි. 588

وَمَا يُكَذِّبُ بِهِ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍ12

සීමාව ඉක්මවා ගිය සෑම පාපතරයකුම මිස වෙනත් කිසිවෙක් එය බොරු යැයි නොකියයි.
83:13ජුස් 30 · පි. 588

إِذَا تُتْلَىٰ عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الْأَوَّلِينَ13

අපගේ වදන් ඔහු වෙත පාරායනා කරනු ලබන විට (මෙය) පැරැණ්නන්ගේ මනඃකල්පිත කතා යැයි ඔහු පවසයි.
83:14ජුස් 30 · පි. 588

كَلَّا ۖ بَلْ ۜ رَانَ عَلَىٰ قُلُوبِهِمْ مَا كَانُوا يَكْسِبُونَ14

නොඑසේය. නමුත් ඔවුන් උපයමින් සිටි දෑ (මගින්) ඔවුන්ගේ හදවත් මත මල බැඳී ඇත.
83:15ජුස් 30 · පි. 588

كَلَّا إِنَّهُمْ عَنْ رَبِّهِمْ يَوْمَئِذٍ لَمَحْجُوبُونَ15

නොඑසේය. නියත වශයෙන්ම ඔවුහු එදින ඔවුන්ගේ පරමාධිපතිගෙන් තිර දම(මින් වෙන් කර)නු ලබන්නෝය.
83:16ජුස් 30 · පි. 588

ثُمَّ إِنَّهُمْ لَصَالُو الْجَحِيمِ16

තවද නියත වශයෙන්ම ඔවුහු නිරයෙහි පිවිසෙන්නෝ වෙති.
83:17ජුස් 30 · පි. 588

ثُمَّ يُقَالُ هَٰذَا الَّذِي كُنْتُمْ بِهِ تُكَذِّبُونَ17

ඉන්පසුව “නුඹලා බොරු කරමින් සිටි දෑ මෙය වේ” යැයි කියනු ලැබේ.
83:18ජුස් 30 · පි. 588

كَلَّا إِنَّ كِتَابَ الْأَبْرَارِ لَفِي عِلِّيِّينَ18

නොඑසේය. නියත වශයෙන්ම දැහැමියන්ගේ ලේඛනය ඉල්ලීයියීන්හිමය.
83:19ජුස් 30 · පි. 588

وَمَا أَدْرَاكَ مَا عِلِّيُّونَ19

තවද ඉල්ලීයියීන් යනු කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?
83:20ජුස් 30 · පි. 588

كِتَابٌ مَرْقُومٌ20

(එය) ලියන ලද වාර්තා පොතකි.
83:21ජුස් 30 · පි. 588

يَشْهَدُهُ الْمُقَرَّبُونَ21

(දේව) සමීපතයෝ එයට සාක්ෂි දරන්නෝය.
83:22ජුස් 30 · පි. 588

إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ22

නියත වශයෙන්ම දැහැමියෝ සැප පහසුකම් පිරුණු ස්වර්ගයන්හි වෙති.
83:23ජුස් 30 · පි. 588

عَلَى الْأَرَائِكِ يَنْظُرُونَ23

කවිච්චි මතට වී (සිරි) නරඹමින්
83:24ජුස් 30 · පි. 588

تَعْرِفُ فِي وُجُوهِهِمْ نَضْرَةَ النَّعِيمِ24

(ඔවුනට ලැබුණු) සැප පහසුකම් හි සිරියාව නුඹ ඔවුන්ගේ මුහුණු තුළින් දැන ගනු ඇත.
83:25ජුස් 30 · පි. 588

يُسْقَوْنَ مِنْ رَحِيقٍ مَخْتُومٍ25

මුද්‍රා කරන ලද අමෘතයෙන් ඔවුහු පොවනු ලබන්නෝය.
83:26ජුස් 30 · පි. 588

خِتَامُهُ مِسْكٌ ۚ وَفِي ذَٰلِكَ فَلْيَتَنَافَسِ الْمُتَنَافِسُونَ26

එහි මුද්‍රාව කස්තූරි ය. එහෙයින් තරඟ වදින්නට අපේක්ෂා කරන්නන් ඒ තුළ තරඟ වදිත්වා.
83:27ජුස් 30 · පි. 588

وَمِزَاجُهُ مِنْ تَسْنِيمٍ27

තවද එහි මිශ්‍රණය තස්නීම්ගෙන්ය.
83:28ජුස් 30 · පි. 588

عَيْنًا يَشْرَبُ بِهَا الْمُقَرَّبُونَ28

දේව සමීපතයින් එයින් පානය කරන උල්පතක් වන
83:29ජුස් 30 · පි. 588

إِنَّ الَّذِينَ أَجْرَمُوا كَانُوا مِنَ الَّذِينَ آمَنُوا يَضْحَكُونَ29

නියත වශයෙන්ම අපරාධ කළ අය විශ්වාස කළවුන් පිළිබඳ ව සිනහසෙමින් සිටියෝය.
83:30ජුස් 30 · පි. 588

وَإِذَا مَرُّوا بِهِمْ يَتَغَامَزُونَ30

තවද ඔවුන් පසු කරමින් ගිය විට ඔවුහු එකිනෙකා අතර ඇස් කොණින් ඉඟි කොට සමච්චල් කර ගන්නෝය.
83:31ජුස් 30 · පි. 588

وَإِذَا انْقَلَبُوا إِلَىٰ أَهْلِهِمُ انْقَلَبُوا فَكِهِينَ31

තවද ඔවුහු ඔවුන්ගේ ජනයා වෙත හැරී ගිය විට සමච්චල් කරමින් සතුටු වන්නන් ලෙස හැරී ගියෝය.
83:32ජුස් 30 · පි. 588

وَإِذَا رَأَوْهُمْ قَالُوا إِنَّ هَٰؤُلَاءِ لَضَالُّونَ32

තවද ඔවුහු ඔවුන් ව දුටු විට “සැබැවින්ම මොවුන් මුළාවූවන්මය” යැයි පවසති.
83:33ජුස් 30 · පි. 588

وَمَا أُرْسِلُوا عَلَيْهِمْ حَافِظِينَ33

තවද ඔවුන් මත ආරක්ෂකයින් ලෙස මොවුහු එවනු නොලැබුවෝය.
83:34ජුස් 30 · පි. 589

فَالْيَوْمَ الَّذِينَ آمَنُوا مِنَ الْكُفَّارِ يَضْحَكُونَ34

එහෙයින් අද දින විශ්වාස කළ අය ප්‍රතික්ෂේපකයින් පිළිබඳ සිනහසෙමින්
83:35ජුස් 30 · පි. 589

عَلَى الْأَرَائِكِ يَنْظُرُونَ35

කවිච්චි මත වී (සිරි) නරඹන්නෝය.
83:36ජුස් 30 · පි. 589

هَلْ ثُوِّبَ الْكُفَّارُ مَا كَانُوا يَفْعَلُونَ36

ප්‍රතික්ෂේපකයෝ තමන් කරමින් සිටි දෑ සඳහා ප්‍රතිවිපාක දෙනු ලැබුවෝ ද? (යැයි විමසනු ලබනන්නේය.)

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න

Ali Jaber - Al-Mutaffifin · Tlawati