Al-Mursalat

سورة المرسلات

සූරා 77 · මක්කා · 50 පද

77:1ජුස් 29 · පි. 580

وَالْمُرْسَلَاتِ عُرْفًا1

අඛණ්ඩ ව එවනු ලබන සුළං මත දිවුරමින්
77:2ජුස් 29 · පි. 580

فَالْعَاصِفَاتِ عَصْفًا2

දැඩි ලෙස හමන සැඩ සුළං මත දිවුරමින්.
77:3ජුස් 29 · පි. 580

وَالنَّاشِرَاتِ نَشْرًا3

(වලාවන්) විසිරුවා හරින සුළං මත දිවුරමින්.
77:4ජුස් 29 · පි. 580

فَالْفَارِقَاتِ فَرْقًا4

වෙන් වෙන් ව වෙන් කරන දෑ මත දිවුරමින්.
77:5ජුස් 29 · පි. 580

فَالْمُلْقِيَاتِ ذِكْرًا5

මෙනෙහි කිරීමක් වශයෙන් (හදවතට) හෙළන දෑ මත දිවුරමින්.
77:6ජුස් 29 · පි. 580

عُذْرًا أَوْ نُذْرًا6

හේතු සාධකයක් වශයෙන් නැතහොත් අවවාදයක් වශයෙන් ද
77:7ජුස් 29 · පි. 580

إِنَّمَا تُوعَدُونَ لَوَاقِعٌ7

නියත වශයෙන්ම නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සිදුවන්නකි.
77:8ජුස් 29 · පි. 580

فَإِذَا النُّجُومُ طُمِسَتْ8

තරු එහි ආලෝකය මකා දමනු ලබන විට
77:9ජුස් 29 · පි. 580

وَإِذَا السَّمَاءُ فُرِجَتْ9

තවද අහස පුපුරා හරිනු ලබන විට
77:10ජුස් 29 · පි. 580

وَإِذَا الْجِبَالُ نُسِفَتْ10

කඳු දූවිලි බවට පත් කරනු ලබන විට.
77:11ජුස් 29 · පි. 580

وَإِذَا الرُّسُلُ أُقِّتَتْ11

තවද ධර්ම දූතවරුන් එක් රැස් කරනු ලබන විට
77:12ජුස් 29 · පි. 580

لِأَيِّ يَوْمٍ أُجِّلَتْ12

කවර දිනයක් සඳහා මෙය කල් දමනු ලද්දේ ද?
77:13ජුස් 29 · පි. 580

لِيَوْمِ الْفَصْلِ13

(එය) විනිශ්චය දිනය සඳහාය.
77:14ජුස් 29 · පි. 580

وَمَا أَدْرَاكَ مَا يَوْمُ الْفَصْلِ14

විනිශ්චය දිනය යනු කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
77:15ජුස් 29 · පි. 580

وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ15

බොරු කළවුනට එදින විනාශයයි.
77:16ජුස් 29 · පි. 580

أَلَمْ نُهْلِكِ الْأَوَّلِينَ16

මුල සිටියවුන් අපි විනාශ නොකළෙමු ද?
77:17ජුස් 29 · පි. 580

ثُمَّ نُتْبِعُهُمُ الْآخِرِينَ17

පසු ව අපි ඔවුන් සමග පසු පැමිණියවුන් ද අනුගමනය කළෙමු.
77:18ජුස් 29 · පි. 580

كَذَٰلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ18

අපරාධකරුවන්ට අපි සිදු කරනුයේ එලෙසය.
77:19ජුස් 29 · පි. 580

وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ19

බොරු කළවුනට එදින විනාශයයි.
77:20ජුස් 29 · පි. 581

أَلَمْ نَخْلُقْكُمْ مِنْ مَاءٍ مَهِينٍ20

ඉතා පහත් වූ ද්‍රාවණයකින් අපි නුඹලා නොමැව්වෙමු ද?
77:21ජුස් 29 · පි. 581

فَجَعَلْنَاهُ فِي قَرَارٍ مَكِينٍ21

එවිට ආරක්ෂිත ස්ථානයක අපි එය තැන්පත් කළෙමු.
77:22ජුස් 29 · පි. 581

إِلَىٰ قَدَرٍ مَعْلُومٍ22

නියමිත කාල පරිච්ඡේදයක් දක්වා
77:23ජුස් 29 · පි. 581

فَقَدَرْنَا فَنِعْمَ الْقَادِرُونَ23

එවිට අපි බලය යෙදෙව්වෙමු. එහෙයින් අපි බලධාරීන්ගෙන් විශිෂ්ටයින් වීමු.
77:24ජුස් 29 · පි. 581

وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ24

බොරු කළවුනට එදින විනාශයයි.
77:25ජුස් 29 · පි. 581

أَلَمْ نَجْعَلِ الْأَرْضَ كِفَاتًا25

මහපොළොව ප්‍රමාණවත් ලෙස අපි පත් නොකළෙමු ද?
77:26ජුස් 29 · පි. 581

أَحْيَاءً وَأَمْوَاتًا26

ජීවත් වන්නන්ට හා මළවුන්ට
77:27ජුස් 29 · පි. 581

وَجَعَلْنَا فِيهَا رَوَاسِيَ شَامِخَاتٍ وَأَسْقَيْنَاكُمْ مَاءً فُرَاتًا27

තවද එහි අපි උස් කඳු මුදුන් ඇති කළෙමු. තවද ඉමිහිරි ජලය පානය සඳහා අපි නුඹලාට පවහනය කළෙමු.
77:28ජුස් 29 · පි. 581

وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ28

බොරු කළවුනට එදින විනාශයයි.
77:29ජුස් 29 · පි. 581

انْطَلِقُوا إِلَىٰ مَا كُنْتُمْ بِهِ تُكَذِّبُونَ29

නුඹලා කවර දෙයක් බොරු කරමින් සිටියේ ද ඒ වෙතට නුඹලා ගමන් කරනු.
77:30ජුස් 29 · පි. 581

انْطَلِقُوا إِلَىٰ ظِلٍّ ذِي ثَلَاثِ شُعَبٍ30

ශාඛා තුනකින් සමන්විත හෙවණ වෙත ගමන් කරනු.
77:31ජුස් 29 · පි. 581

لَا ظَلِيلٍ وَلَا يُغْنِي مِنَ اللَّهَبِ31

එය හෙවණ ලබා දෙන්නක් ලෙසින් නැත. එමෙන්ම එය ගිනි දැල්ලෙන් ආරක්ෂා කරන්නක් ද නොවෙයි.
77:32ජුස් 29 · පි. 581

إِنَّهَا تَرْمِي بِشَرَرٍ كَالْقَصْرِ32

නියත වශයෙන්ම එය මාලිගා මෙන් (උසට) දරුණු ලෙස ගිනි දැල් හෙළයි.
77:33ජුස් 29 · පි. 581

كَأَنَّهُ جِمَالَتٌ صُفْرٌ33

එය කහ පැහැති ඔටු රංචුවක් මෙන් පවතී.
77:34ජුස් 29 · පි. 581

وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ34

බොරු කළවුනට එදින විනාශයයි.
77:35ජුස් 29 · පි. 581

هَٰذَا يَوْمُ لَا يَنْطِقُونَ35

එය ඔවුන් කතා නොකරන දිනයකි.
77:36ජුස් 29 · පි. 581

وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ36

ඔවුන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට අනුමැතිය දෙනු නොලැබේ.
77:37ජුස් 29 · පි. 581

وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ37

බොරු කළවුනට එදින විනාශයයි.
77:38ජුස් 29 · පි. 581

هَٰذَا يَوْمُ الْفَصْلِ ۖ جَمَعْنَاكُمْ وَالْأَوَّلِينَ38

මෙය විනිශ්චයේ දිනයයි. අපි නුඹලා හා මුතුන් මිත්තන් එක් රැස් කළෙමු.
77:39ජුස් 29 · පි. 581

فَإِنْ كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونِ39

එහෙයින් නුඹලාට යම් කුමන්ත්‍රණයක් තිබේ නම් නුඹලා මට කුමන්ත්‍රණය කරනු.
77:40ජුස් 29 · පි. 581

وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ40

බොරු කළවුනට එදින විනාශයයි.
77:41ජුස් 29 · පි. 581

إِنَّ الْمُتَّقِينَ فِي ظِلَالٍ وَعُيُونٍ41

නියත වශයෙන්ම බිය බැතිමතුන් හෙවණ හා උල්පත් අතර වෙති.
77:42ජුස් 29 · පි. 581

وَفَوَاكِهَ مِمَّا يَشْتَهُونَ42

තවද ඔවුන් ආශා කරන පලතුරු අතර ද
77:43ජුස් 29 · පි. 581

كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا كُنْتُمْ تَعْمَلُونَ43

නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා සැපසේ අනුභව කරනු. තවද පානය කරනු (යැයි කියනු ලැබේ.)
77:44ජුස් 29 · පි. 581

إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ44

නියත වශයෙන්ම මෙලෙසය අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.
77:45ජුස් 29 · පි. 581

وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ45

බොරු කළවුනට එදින විනාශයයි.
77:46ජුස් 29 · පි. 581

كُلُوا وَتَمَتَّعُوا قَلِيلًا إِنَّكُمْ مُجْرِمُونَ46

නුඹලා අනුභව කරනු. තවද මද කලක් භුක්ති විඳිනු. නියත වශයෙන්ම නුඹලා අපරාධකරුවන්ය.
77:47ජුස් 29 · පි. 581

وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ47

බොරු කළවුනට එදින විනාශයයි
77:48ජුස් 29 · පි. 581

وَإِذَا قِيلَ لَهُمُ ارْكَعُوا لَا يَرْكَعُونَ48

(මෙලොවෙහි) ඔවුනට (දණින් අල්ලමින් නැවී) රුකූඋ කරන්නැයි පවසනු ලබන විට ඔවුහු රුකූඋ නොකරති.
77:49ජුස් 29 · පි. 581

وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ49

බොරු කළවුනට එදින විනාශයයි.
77:50ජුස් 29 · පි. 581

فَبِأَيِّ حَدِيثٍ بَعْدَهُ يُؤْمِنُونَ50

මින් පසු ව ඔවුන් විශ්වාස කරනුයේ කවර ප්‍රකාශයක් ද?

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න