وَالْعَادِيَاتِ ضَبْحًا1
හති දමමින් වේගයෙන් දිව යන දෑ මත දිවුරමින්
فَالْمُورِيَاتِ قَدْحًا2
කුර ගැටීමෙන් ගිනි පුපුරු නංවන දෑ මතද
فَالْمُغِيرَاتِ صُبْحًا3
තවද අලුයමෙහි ආක්රමණය කරන දෑ මතද දිවුරමින්
فَأَثَرْنَ بِهِ نَقْعًا4
එවිට එමගින් උන් දූවිලි නංවමින්
فَوَسَطْنَ بِهِ جَمْعًا5
කණ්ඩායම් වශයෙන් (සතුරන්) මැදට පිවිසෙති.
إِنَّ الْإِنْسَانَ لِرَبِّهِ لَكَنُودٌ6
නියත වශයෙන්ම මිනිසා තම පරමාධිපතිට ගුණමකුය.
وَإِنَّهُ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٌ7
තවද ඇත්තෙන්ම ඔහු එයට සාක්ෂිකරුවෙක් වේ.
وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ8
තවද ඇත්තෙන්ම ඔහු වස්තුවට දැඩි ලෙස ඇලුම් කරන්නෙක් වේ
۞ أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِ9
නමුත් මිනීවළවල් තුළ ඇති දෑ පිට කරනු ලබන වග ඔහු නොදන්නේ ද?
وَحُصِّلَ مَا فِي الصُّدُورِ10
තවද හදවත් තුළ ඇති දෑ හෙළි කරනු ලබන වග (ඔහු නොදන්නේ) ද?
إِنَّ رَبَّهُمْ بِهِمْ يَوْمَئِذٍ لَخَبِيرٌ11
නියත වශයෙන්ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳ ව සර්ව ප්රඥාවන්තය.