Al-Inshiqaq

سورة الإنشقاق

සූරා 84 · මක්කා · 25 පද

84:1ජුස් 30 · පි. 589

إِذَا السَّمَاءُ انْشَقَّتْ1

අහස පැළී ගොස්
84:2ජුස් 30 · පි. 589

وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ2

එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී.
84:3ජුස් 30 · පි. 589

وَإِذَا الْأَرْضُ مُدَّتْ3

මහපොළොව සමතලා කරනු ලැබ
84:4ජුස් 30 · පි. 589

وَأَلْقَتْ مَا فِيهَا وَتَخَلَّتْ4

එය එහි තුළ ඇති දෑ බැහැර කර හිස් වී
84:5ජුස් 30 · පි. 589

وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ5

එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී.
84:6ජුස් 30 · පි. 589

يَا أَيُّهَا الْإِنْسَانُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدْحًا فَمُلَاقِيهِ6

අහෝ මිනිස! නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වෙත නුඹ දැඩි සේ ප්‍රයත්න දරන්නෙකි. එබැවින් නුඹ ඔහු ව මුණගැසෙන්නෙහිය.
84:7ජුස් 30 · පි. 589

فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ7

එවිට තම වාර්තා පොත තමන්ගේ දකුණතට දෙනු ලැබූ අය වූ කලී
84:8ජුස් 30 · පි. 589

فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا8

ඔහු පහසු විමසුමකින් මතු විමසනු ලබනු ඇත.
84:9ජුස් 30 · පි. 589

وَيَنْقَلِبُ إِلَىٰ أَهْلِهِ مَسْرُورًا9

තවද ඔහු තම ජනයා වෙත ප්‍රීතියට පත් ව හැරී යනු ඇත.
84:10ජුස් 30 · පි. 589

وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ وَرَاءَ ظَهْرِهِ10

තවද තම වාර්තා පොත තමන්ගේ කොන්ද පිටුපසට දෙනු ලැබූ අය වූ කලී
84:11ජුස් 30 · පි. 589

فَسَوْفَ يَدْعُو ثُبُورًا11

ඔහු විනාශය යැයි මතු වැලපෙනු ඇත.
84:12ජුස් 30 · පි. 589

وَيَصْلَىٰ سَعِيرًا12

තවද ඔහු (නිරයේ) ඇවිළෙන ගින්නට පිවිසෙනු ඇත.
84:13ජුස් 30 · පි. 589

إِنَّهُ كَانَ فِي أَهْلِهِ مَسْرُورًا13

නියත වශයෙන්ම ඔහු තම පවුලෙහි ප්‍රීතියට පත් වූවෙකු ලෙස සිටියේය.
84:14ජුස් 30 · පි. 589

إِنَّهُ ظَنَّ أَنْ لَنْ يَحُورَ14

නියත වශයෙන්ම ඔහු (මරණයෙන් පසු) කිසිවිටෙක ආපසු නොපැමිණෙන්නේමය යැයි සිතුවේය.
84:15ජුස් 30 · පි. 589

بَلَىٰ إِنَّ رَبَّهُ كَانَ بِهِ بَصِيرًا15

එසේ නොව, සැබැවින්ම ඔහුගේ පරමාධිපති ඔහු පිළිබඳව නිත්‍ය නිරීක්ෂකයෙකු ලෙස සිටියේය.
84:16ජුස් 30 · පි. 589

فَلَا أُقْسِمُ بِالشَّفَقِ16

තවද ගොම්මන මත ද මම දිවුරමි.
84:17ජුස් 30 · පි. 589

وَاللَّيْلِ وَمَا وَسَقَ17

රාත්‍රිය හා එය වැලඳ ගත් දෑ මත ද, (මම දිවුරමි.)
84:18ජුස් 30 · පි. 589

وَالْقَمَرِ إِذَا اتَّسَقَ18

චන්ද්‍රයා පූර්ණත්වයට පත් වන විට ඒ මත ද මම (දිවුරමි.)
84:19ජුස් 30 · පි. 589

لَتَرْكَبُنَّ طَبَقًا عَنْ طَبَقٍ19

සැබැවින්ම පියවරෙන් පියවර නුඹලා (ඉදිරියට) ගමන් කරන්නෙහුමය.
84:20ජුස් 30 · පි. 589

فَمَا لَهُمْ لَا يُؤْمِنُونَ20

එහෙයින් ඔවුහු විශ්වාස නොකර සිටීමට ඔවුනට කුමක් සිදු වී ද?
84:21ජුස් 30 · පි. 589

وَإِذَا قُرِئَ عَلَيْهِمُ الْقُرْآنُ لَا يَسْجُدُونَ ۩21

තවද ඔවුනට අල්-කුර්ආනය පාරායනය කරනු ලැබූ විට ඔවුහු (අල්ලාහ්ට සිරස නමා) සුජූද් නොකරති.
84:22ජුස් 30 · පි. 589

بَلِ الَّذِينَ كَفَرُوا يُكَذِّبُونَ22

නමුත් (දේව විශ්වාසය) ප්‍රතික්ෂේප කළ අය එය බොරු යැයි පවසන්නෝය.
84:23ජුස් 30 · පි. 589

وَاللَّهُ أَعْلَمُ بِمَا يُوعُونَ23

තවද ඔවුන් (තම හදවත් තුළ) සඟවන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය.
84:24ජුස් 30 · පි. 589

فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ24

එහෙයින් වේදනීය දඬුවමක් පිළිබඳ නුඹ ඔවුනට ශුභාරංචි පවසනු.
84:25ජුස් 30 · පි. 590

إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ25

නමුත් විශ්වාස කර දැහැමි දෑ කළවුන් හැර ඔවුනට අඛණ්ඩ ප්‍රතිඵල ඇත.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න