Al-A'la

سورة الأعلى

සූරා 87 · මක්කා · 19 පද

87:1ජුස් 30 · පි. 591

سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى1

නුඹගේ උත්කෘෂ්ට පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු.
87:2ජුස් 30 · පි. 591

الَّذِي خَلَقَ فَسَوَّىٰ2

මවා සැකසූ ද,
87:3ජුස් 30 · පි. 591

وَالَّذِي قَدَّرَ فَهَدَىٰ3

නිර්ණය කර මඟ පෙන් වූ ද,
87:4ජුස් 30 · පි. 591

وَالَّذِي أَخْرَجَ الْمَرْعَىٰ4

තවද ඔහු තණ බිම් පිට කර
87:5ජුස් 30 · පි. 591

فَجَعَلَهُ غُثَاءً أَحْوَىٰ5

පසු ව එය (වියැළුණු) කළු පැහැති ඉපැනලි බවට පත් කළේය.
87:6ජුස් 30 · පි. 591

سَنُقْرِئُكَ فَلَا تَنْسَىٰ6

අපි ඔබට මතුවට කියවා පෙන්වන්නෙමු.
87:7ජුස් 30 · පි. 591

إِلَّا مَا شَاءَ اللَّهُ ۚ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَىٰ7

අල්ලාහ් අභිමත වූ දෑ හැර (අන් කිසිවක්) නුඹ අමතක නොකරන්නෙහිය. සැබැවින්ම ඔහු සැඟවුණු දෑ ද ප්‍රකට දෑ ද දන්නා ය
87:8ජුස් 30 · පි. 591

وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ8

තවද අපි පහසු ව වෙත නුඹට පහසු කරවන්නෙමු.
87:9ජුස් 30 · පි. 591

فَذَكِّرْ إِنْ نَفَعَتِ الذِّكْرَىٰ9

එබැවින් සිහිපත් කිරීම (අසන්නාට) ප්‍රයෝජනවත් වේ නම් නුඹ (කුර්ආනය මගින්) සිහිපත් කරනු.
87:10ජුස් 30 · පි. 591

سَيَذَّكَّرُ مَنْ يَخْشَىٰ10

කවරෙකු (අල්ලාහ්ට) බිය වන්නේ ද ඔහු සිහිපත් කර ගනු ඇත.
87:11ජුස් 30 · පි. 592

وَيَتَجَنَّبُهَا الْأَشْقَى11

තවද අභාග්‍යවන්තයා එය වළක්වා ගන්නේය.
87:12ජුස් 30 · පි. 592

الَّذِي يَصْلَى النَّارَ الْكُبْرَىٰ12

ඔහු (නිරයේ) මහත් ගින්නට පිවිසෙයි.
87:13ජුස් 30 · පි. 592

ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ13

පසු ව ඔහු එහි මරණයට පත් නොවෙයි. ජීවත් ද නොවෙයි.
87:14ජුස් 30 · පි. 592

قَدْ أَفْلَحَ مَنْ تَزَكَّىٰ14

සැබැවින්ම (කුර්ආනයේ උපදෙස මගින්) පිවිතුරු කර ගත් අය ජයග්‍රහණය කළේය. ත
87:15ජුස් 30 · පි. 592

وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّىٰ15

තවද ඔහු තම පරමාධිපතිගේ නාමය සිහිපත් කර පසු ව සලාතය ද ඉටු කළේය.
87:16ජුස් 30 · පි. 592

بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ الدُّنْيَا16

නමුත් නුඹලා මෙලොව ජීවිතය තෝරා ගන්නෙහුය.
87:17ජුස් 30 · පි. 592

وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَىٰ17

(මෙලොව ජීවිතයට වඩා) මතු ලොව උතුම් ය. තවද සදා පවතින්නකි.
87:18ජුස් 30 · පි. 592

إِنَّ هَٰذَا لَفِي الصُّحُفِ الْأُولَىٰ18

පූර්ව ලේඛනයන්හි (සඳහන් ව) ඇත.
87:19ජුස් 30 · පි. 592

صُحُفِ إِبْرَاهِيمَ وَمُوسَىٰ19

සැබැවින්ම මෙය ඉබ්‍රාහීම් හා මූසාගේ ලේඛන වන (පූර්ව ලේඛනයන්හි (සඳහන් ව) ඇත.)

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න