Abasa

سورة عبس

සූරා 80 · මක්කා · 42 පද

80:1ජුස් 30 · පි. 585

عَبَسَ وَتَوَلَّىٰ1

ඔහු මුහුණ හකුළා හැරුනේය.
80:2ජුස් 30 · පි. 585

أَنْ جَاءَهُ الْأَعْمَىٰ2

අන්ධයෙකු තමන් වෙත පැමිණීම හේතු කොටගෙන
80:3ජුස් 30 · පි. 585

وَمَا يُدْرِيكَ لَعَلَّهُ يَزَّكَّىٰ3

ඔහු පිවිතුරු වනු ඇතැයි ඔබ ව දැනුවත් කරනුයේ කුමක් ද?
80:4ජුස් 30 · පි. 585

أَوْ يَذَّكَّرُ فَتَنْفَعَهُ الذِّكْرَىٰ4

එසේ නැතහොත් ඔහු මෙනෙහි කර එම මෙනෙහි කිරීම ඔහුට යහපතක් වනු ඇතැයි (ඔබ ව දැනුවත් කරනුයේ කුමක් ද?)
80:5ජුස් 30 · පි. 585

أَمَّا مَنِ اسْتَغْنَىٰ5

(යහමග පිළිබඳ) අවශ්‍යතාව නොමැති අය වූ කලී
80:6ජුස් 30 · පි. 585

فَأَنْتَ لَهُ تَصَدَّىٰ6

නුඹ ඔහු වෙතට අවධානය යොමු කරන්නෙහිය.
80:7ජුස් 30 · පි. 585

وَمَا عَلَيْكَ أَلَّا يَزَّكَّىٰ7

තවද ඔහු පිවිතුරු නොවීම ගැන ඔබ කෙරෙහි දොසක් නොමැත.
80:8ජුස් 30 · පි. 585

وَأَمَّا مَنْ جَاءَكَ يَسْعَىٰ8

තවද ඔබ වෙත කැපවීමෙන් පැමිණි අය පිළිබඳ වූ කලී
80:9ජුස් 30 · පි. 585

وَهُوَ يَخْشَىٰ9

බිය බැතිමත් වී
80:10ජුස් 30 · පි. 585

فَأَنْتَ عَنْهُ تَلَهَّىٰ10

ඔබ ඔහු පිළිබඳ නොසලකා හැරියෙහි ය.
80:11ජුස් 30 · පි. 585

كَلَّا إِنَّهَا تَذْكِرَةٌ11

එසේ නොව සැබැවින්ම එය සිහිවටනයකි.
80:12ජුස් 30 · පි. 585

فَمَنْ شَاءَ ذَكَرَهُ12

එහෙයින් කවරෙක් අභිමත වූයේ ද ඔහු එය මෙනෙහි කරත්වා!
80:13ජුස් 30 · පි. 585

فِي صُحُفٍ مُكَرَّمَةٍ13

(මෙම වදන්) ගෞරවනීය පුස්තකයෙහි ය.
80:14ජුස් 30 · පි. 585

مَرْفُوعَةٍ مُطَهَّرَةٍ14

පවිත්‍ර වූ උසස් (පුස්තකයෙහි ය.)
80:15ජුස් 30 · පි. 585

بِأَيْدِي سَفَرَةٍ15

(මලක්වරුන්ගේ) අත්වලින් (ලියන ලද්දකි.)
80:16ජුස් 30 · පි. 585

كِرَامٍ بَرَرَةٍ16

ගෞරවාන්විත, පිවිතුරු දැහැමි (මලක්වරුන්ගේ) අත්වලින් (ලියන ලද්දකි.)
80:17ජුස් 30 · පි. 585

قُتِلَ الْإِنْسَانُ مَا أَكْفَرَهُ17

මිනිසාට ශාපය අත් වේවා ! ඔහු ව ප්‍රතික්ෂේපකයෙකු බවට පත් කළේ කුමක් ද?
80:18ජුස් 30 · පි. 585

مِنْ أَيِّ شَيْءٍ خَلَقَهُ18

කුමන දෙයකින් ඔහු ව ඔහු(අල්ලාහ්) මැව්වේ ද?
80:19ජුස් 30 · පි. 585

مِنْ نُطْفَةٍ خَلَقَهُ فَقَدَّرَهُ19

ඔහු(අල්ලාහ් මිනිසා වන) ඔහු ව ශුක්‍රාණු බිඳුවකින් මවා පසුව ඔහු ව ප්‍රමාණවත් ලෙස සැකසුවේය.
80:20ජුස් 30 · පි. 585

ثُمَّ السَّبِيلَ يَسَّرَهُ20

අනතුරුව ඔහුට (ජීවන) මාර්ගය පහසු කළේය.
80:21ජුස් 30 · පි. 585

ثُمَّ أَمَاتَهُ فَأَقْبَرَهُ21

පසු ව ඔහු ඔහු ව මරණයට පත් කළේය. ඉන්පසුව ඔහු ඔහු ව වළ දැමුවේය.
80:22ජුස් 30 · පි. 585

ثُمَّ إِذَا شَاءَ أَنْشَرَهُ22

පසු ව ඔහු අභිමත වූ විට ඔහු ඔහු ව නැගිටුවන්නේය.
80:23ජුස් 30 · පි. 585

كَلَّا لَمَّا يَقْضِ مَا أَمَرَهُ23

නොඑසේය. ඔහු ඔහුට අණ කළ දෑ ඔහු ඉටු නොකළේය.
80:24ජුස් 30 · පි. 585

فَلْيَنْظُرِ الْإِنْسَانُ إِلَىٰ طَعَامِهِ24

එබැවින් මිනිසා ඔහුගේ ආහාරය දෙස බලත්වා !
80:25ජුස් 30 · පි. 585

أَنَّا صَبَبْنَا الْمَاءَ صَبًّا25

සැබැවින්ම අපි (වර්ෂා) ජලය අධික වශයෙන් හැළුවෙමු.
80:26ජුස් 30 · පි. 585

ثُمَّ شَقَقْنَا الْأَرْضَ شَقًّا26

පසු ව අපි පොළොව පැල්මක් වශයෙන් පැළුවෙමු.
80:27ජුස් 30 · පි. 585

فَأَنْبَتْنَا فِيهَا حَبًّا27

එහි බීජ ද අපි හට ගැන්වූයෙමු.
80:28ජුස් 30 · පි. 585

وَعِنَبًا وَقَضْبًا28

මිදි හා එළවළු ද
80:29ජුස් 30 · පි. 585

وَزَيْتُونًا وَنَخْلًا29

ඔලිව් හා රටඉඳි ගස් ද
80:30ජුස් 30 · පි. 585

وَحَدَائِقَ غُلْبًا30

ඝණ උයන් ද
80:31ජුස් 30 · පි. 585

وَفَاكِهَةً وَأَبًّا31

පලතුරු හා උදුපියලිය ද (අපි හට ගැන්වූයෙමු.)
80:32ජුස් 30 · පි. 585

مَتَاعًا لَكُمْ وَلِأَنْعَامِكُمْ32

නුඹලාට ද නුඹලාගේ ගොවිපළ සතුන්ට ද රස විඳීමක් වශයෙන්
80:33ජුස් 30 · පි. 585

فَإِذَا جَاءَتِ الصَّاخَّةُ33

එබැවින් මහා හඬ පැමිණි විට
80:34ජුස් 30 · පි. 585

يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ34

එදින මිනිසා ඔහුගේ සහෝදරයාගෙන් ද පලා යනු ඇත.
80:35ජුස් 30 · පි. 585

وَأُمِّهِ وَأَبِيهِ35

ඔහුගේ මව හා ඔහුගේ පියාගෙන් ද (පලා යනු ඇත.)
80:36ජුස් 30 · පි. 585

وَصَاحِبَتِهِ وَبَنِيهِ36

ඔහුගේ භාර්යාව හා ඔහුගේ දරුවන්ගෙන් ද (පලා යනු ඇත.)
80:37ජුස් 30 · පි. 585

لِكُلِّ امْرِئٍ مِنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ37

එදින ඔවුන් අතුරින් සෑම මිනිසෙකුටම ඔහු ව නිරත කරවන කරුණු ඇත.
80:38ජුස් 30 · පි. 585

وُجُوهٌ يَوْمَئِذٍ مُسْفِرَةٌ38

එදින (ඇතැම්) මුහුණු පැහැපත් ව පවතී.
80:39ජුස් 30 · පි. 585

ضَاحِكَةٌ مُسْتَبْشِرَةٌ39

සිනහ මුසු ව ප්‍රීතියෙන් (පවතී.)
80:40ජුස් 30 · පි. 585

وَوُجُوهٌ يَوْمَئِذٍ عَلَيْهَا غَبَرَةٌ40

තවද (ඇතැම්) මුහුණු එදින ඒවා මත දූවිලි පවතී.
80:41ජුස් 30 · පි. 586

تَرْهَقُهَا قَتَرَةٌ41

අඳුර ඒවා වසා ගනු ඇත.
80:42ජුස් 30 · පි. 586

أُولَٰئِكَ هُمُ الْكَفَرَةُ الْفَجَرَةُ42

ඔවුහුමය ප්‍රතික්ෂේප කළ දුෂ්ටයෝ.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න