إِذَا السَّمَاءُ انْشَقَّتْ1
අහස පැළී ගොස්
وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ2
එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී.
وَإِذَا الْأَرْضُ مُدَّتْ3
මහපොළොව සමතලා කරනු ලැබ
وَأَلْقَتْ مَا فِيهَا وَتَخَلَّتْ4
එය එහි තුළ ඇති දෑ බැහැර කර හිස් වී
وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ5
එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී.
يَا أَيُّهَا الْإِنْسَانُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدْحًا فَمُلَاقِيهِ6
අහෝ මිනිස! නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වෙත නුඹ දැඩි සේ ප්රයත්න දරන්නෙකි. එබැවින් නුඹ ඔහු ව මුණගැසෙන්නෙහිය.
فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ7
එවිට තම වාර්තා පොත තමන්ගේ දකුණතට දෙනු ලැබූ අය වූ කලී
فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا8
ඔහු පහසු විමසුමකින් මතු විමසනු ලබනු ඇත.
وَيَنْقَلِبُ إِلَىٰ أَهْلِهِ مَسْرُورًا9
තවද ඔහු තම ජනයා වෙත ප්රීතියට පත් ව හැරී යනු ඇත.
وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ وَرَاءَ ظَهْرِهِ10
තවද තම වාර්තා පොත තමන්ගේ කොන්ද පිටුපසට දෙනු ලැබූ අය වූ කලී
فَسَوْفَ يَدْعُو ثُبُورًا11
ඔහු විනාශය යැයි මතු වැලපෙනු ඇත.
وَيَصْلَىٰ سَعِيرًا12
තවද ඔහු (නිරයේ) ඇවිළෙන ගින්නට පිවිසෙනු ඇත.
إِنَّهُ كَانَ فِي أَهْلِهِ مَسْرُورًا13
නියත වශයෙන්ම ඔහු තම පවුලෙහි ප්රීතියට පත් වූවෙකු ලෙස සිටියේය.
إِنَّهُ ظَنَّ أَنْ لَنْ يَحُورَ14
නියත වශයෙන්ම ඔහු (මරණයෙන් පසු) කිසිවිටෙක ආපසු නොපැමිණෙන්නේමය යැයි සිතුවේය.
بَلَىٰ إِنَّ رَبَّهُ كَانَ بِهِ بَصِيرًا15
එසේ නොව, සැබැවින්ම ඔහුගේ පරමාධිපති ඔහු පිළිබඳව නිත්ය නිරීක්ෂකයෙකු ලෙස සිටියේය.
فَلَا أُقْسِمُ بِالشَّفَقِ16
තවද ගොම්මන මත ද මම දිවුරමි.
وَاللَّيْلِ وَمَا وَسَقَ17
රාත්රිය හා එය වැලඳ ගත් දෑ මත ද, (මම දිවුරමි.)
وَالْقَمَرِ إِذَا اتَّسَقَ18
චන්ද්රයා පූර්ණත්වයට පත් වන විට ඒ මත ද මම (දිවුරමි.)
لَتَرْكَبُنَّ طَبَقًا عَنْ طَبَقٍ19
සැබැවින්ම පියවරෙන් පියවර නුඹලා (ඉදිරියට) ගමන් කරන්නෙහුමය.
فَمَا لَهُمْ لَا يُؤْمِنُونَ20
එහෙයින් ඔවුහු විශ්වාස නොකර සිටීමට ඔවුනට කුමක් සිදු වී ද?
وَإِذَا قُرِئَ عَلَيْهِمُ الْقُرْآنُ لَا يَسْجُدُونَ ۩21
තවද ඔවුනට අල්-කුර්ආනය පාරායනය කරනු ලැබූ විට ඔවුහු (අල්ලාහ්ට සිරස නමා) සුජූද් නොකරති.
بَلِ الَّذِينَ كَفَرُوا يُكَذِّبُونَ22
නමුත් (දේව විශ්වාසය) ප්රතික්ෂේප කළ අය එය බොරු යැයි පවසන්නෝය.
وَاللَّهُ أَعْلَمُ بِمَا يُوعُونَ23
තවද ඔවුන් (තම හදවත් තුළ) සඟවන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය.
فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ24
එහෙයින් වේදනීය දඬුවමක් පිළිබඳ නුඹ ඔවුනට ශුභාරංචි පවසනු.
إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ25
නමුත් විශ්වාස කර දැහැමි දෑ කළවුන් හැර ඔවුනට අඛණ්ඩ ප්රතිඵල ඇත.