Al-Ma'arij

سورة المعارج

සූරා 70 · මක්කා · 44 පද

70:1ජුස් 29 · පි. 568

سَأَلَ سَائِلٌ بِعَذَابٍ وَاقِعٍ1

සිදු වන දඬුවමක් පිළිබඳ විමසන්නෙකු විමසුවේය.
70:2ජුස් 29 · පි. 568

لِلْكَافِرِينَ لَيْسَ لَهُ دَافِعٌ2

දේව ප්‍රතික්ෂේපකයින්හට එය වළක්වන කිසිවෙකු හෝ නොමැත.
70:3ජුස් 29 · පි. 568

مِنَ اللَّهِ ذِي الْمَعَارِجِ3

ආරෝහණ ක්‍රියාවලිය හිමි අල්ලාහ්ගෙන් (වළක්වාලන කිසිවකු නොමැත)
70:4ජුස් 29 · පි. 568

تَعْرُجُ الْمَلَائِكَةُ وَالرُّوحُ إِلَيْهِ فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ خَمْسِينَ أَلْفَ سَنَةٍ4

එහි කාල ප්‍රමාණය වසර පනස් දහසක් වන දිනයක මලක්වරුන් හා ආත්මය (ජිබ්රීල්) ඔහු වෙත ආරෝහණය වෙයි.
70:5ජුස් 29 · පි. 568

فَاصْبِرْ صَبْرًا جَمِيلًا5

එහෙයින් ඔබ අලංකාර අයුරින් ඉවසා දරා ගනු.
70:6ජුස් 29 · පි. 568

إِنَّهُمْ يَرَوْنَهُ بَعِيدًا6

නියත වශයෙන්ම එය අධික දුරින් ඇති බව ඔවුහු සිතති.
70:7ජුස් 29 · පි. 568

وَنَرَاهُ قَرِيبًا7

නමුත් අපි එය සමීපයෙන් දකිමු.
70:8ජුස් 29 · පි. 568

يَوْمَ تَكُونُ السَّمَاءُ كَالْمُهْلِ8

එදින අහස උණු වූ තඹ මෙන් වනු ඇත.
70:9ජුස් 29 · පි. 568

وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ9

තවද කඳු ලොම් මෙන් වනු ඇත.
70:10ජුස් 29 · පි. 568

وَلَا يَسْأَلُ حَمِيمٌ حَمِيمًا10

මිතුරෙක් මිතුරෙකු ගැන ප්‍රශ්න නොකරයි.
70:11ජුස් 29 · පි. 569

يُبَصَّرُونَهُمْ ۚ يَوَدُّ الْمُجْرِمُ لَوْ يَفْتَدِي مِنْ عَذَابِ يَوْمِئِذٍ بِبَنِيهِ11

ඔවුන් එකිනෙකා දකිනු ඇත. එවිට අපරාධකරුවා එදින දඬුවමින් මිදීම සඳහා තම දරුවන්
70:12ජුස් 29 · පි. 569

وَصَاحِبَتِهِ وَأَخِيهِ12

තම බිරිය තම සහෝදරයා
70:13ජුස් 29 · පි. 569

وَفَصِيلَتِهِ الَّتِي تُؤْوِيهِ13

ඔහු සමඟ සම්බන්ධකම් පැවැත් වූ තම ඥාතීන්
70:14ජුස් 29 · පි. 569

وَمَنْ فِي الْأَرْضِ جَمِيعًا ثُمَّ يُنْجِيهِ14

හා මහපොළොවේ සිටින සියලු දෙනා හෝ වන්දි වශයෙන් ලබා දී පසු ව ඒවා තමන් මුදවා ගත යුතු යැයි ප්‍රිය කරයි.
70:15ජුස් 29 · පි. 569

كَلَّا ۖ إِنَّهَا لَظَىٰ15

එසේ නොව නියත වශයෙන්ම එය දවාළන ගින්නය.
70:16ජුස් 29 · පි. 569

نَزَّاعَةً لِلشَّوَىٰ16

(එය හිස්කබලේ) චර්මය ගලවා දමන්නකි.
70:17ජුස් 29 · පි. 569

تَدْعُو مَنْ أَدْبَرَ وَتَوَلَّىٰ17

එය (මෙලොවෙහි දේව විශ්වාසය නොතකා) පසුපස හැරී පලා ගොස්
70:18ජුස් 29 · පි. 569

وَجَمَعَ فَأَوْعَىٰ18

(වස්තුව) රැස් කොට එය තැන්පත් කර (සඟවා) තැබු අයට ආරාධනා කරයි.
70:19ජුස් 29 · පි. 569

۞ إِنَّ الْإِنْسَانَ خُلِقَ هَلُوعًا19

නියත වශයෙන්ම මිනිසා කලබලකාරී ලෙසින් මවනු ලැබීය.
70:20ජුස් 29 · පි. 569

إِذَا مَسَّهُ الشَّرُّ جَزُوعًا20

ඔහුට අයහපතක් වැලඳුණු විට නොසන්සුන්වන්නකු ලෙස සිටියි.
70:21ජුස් 29 · පි. 569

وَإِذَا مَسَّهُ الْخَيْرُ مَنُوعًا21

තවද ඔහුට යහපත වැලඳුණු විට (නොදී) රඳවා ගන්නකු ලෙස සිටියි.
70:22ජුස් 29 · පි. 569

إِلَّا الْمُصَلِّينَ22

නමුත් සලාතය ඉටු කරන්නන් හැර.
70:23ජුස් 29 · පි. 569

الَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ دَائِمُونَ23

ඔවුන් වනාහි ඔවුන්ගේ සලාතයෙහි නිරතුරුවම නිරතවන්නන් වෙති.
70:24ජුස් 29 · පි. 569

وَالَّذِينَ فِي أَمْوَالِهِمْ حَقٌّ مَعْلُومٌ24

තවද ඔවුන් වනාහි ඔවුන්ගේ ධනයෙහි නියමිතකොටසක් ඇත
70:25ජුස් 29 · පි. 569

لِلسَّائِلِ وَالْمَحْرُومِ25

අයදින්නන්ට හා (අයදීමෙන්) වළක්වනු ලැබූවන්ට
70:26ජුස් 29 · පි. 569

وَالَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ الدِّينِ26

තවද ඔවුන් වනාහි විනිශ්චය දිනය පිළිබඳ ව සත්‍යය කරති.
70:27ජුස් 29 · පි. 569

وَالَّذِينَ هُمْ مِنْ عَذَابِ رَبِّهِمْ مُشْفِقُونَ27

තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම පිළිබඳ ව බියෙන් සිටිති.
70:28ජුස් 29 · පි. 569

إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونٍ28

නියත වශයෙන්ම ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම සුරක්ෂිත භාවයෙන් තොරවු කරුණකි.
70:29ජුස් 29 · පි. 569

وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ29

තවද ඔවුහු වනාහි ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් සුරක්ෂා කර ගන්නෝ වෙති.
70:30ජුස් 29 · පි. 569

إِلَّا عَلَىٰ أَزْوَاجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ30

නමුත් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් කාන්තාවන්ට හැර. ඒ හේතුවෙන් නියත වශයෙන්ම ඔවුන් දොස් නගනු ලබන්නන් නොවෙති.
70:31ජුස් 29 · පි. 569

فَمَنِ ابْتَغَىٰ وَرَاءَ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْعَادُونَ31

එහෙයින් කවරෙකු ඉන් ඔබ්බට සොයන්නේ ද එවිට ඔවුහුමය උල්ලංඝනය කරන්නෝ.
70:32ජුස් 29 · පි. 569

وَالَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ32

තවද ඔවුහු වනාහි ඔවුන් වෙත පැවරුණු විශ්වාසභාරය හා ඔවුන්ගේ ගිවිසුම් (නිසි අයුරින්) රකින්නන් වෙති.
70:33ජුස් 29 · පි. 569

وَالَّذِينَ هُمْ بِشَهَادَاتِهِمْ قَائِمُونَ33

තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සාක්ෂි ගැන ස්ථාවර ව සිටින්නන් වෙති.
70:34ජුස් 29 · පි. 569

وَالَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ34

තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයන් මත සුරක්ෂා කරන්නෝ වෙති.
70:35ජුස් 29 · පි. 569

أُولَٰئِكَ فِي جَنَّاتٍ مُكْرَمُونَ35

ස්වර්ග උයන්හි සම්භාවනීය අය ඔවුහුමය.
70:36ජුස් 29 · පි. 569

فَمَالِ الَّذِينَ كَفَرُوا قِبَلَكَ مُهْطِعِينَ36

ප්‍රතික්ෂේප කළවුන් නුඹ ඉදිරියේ සිට කඩිනම් පැමිණෙනුයේ ඇයි?
70:37ජුස් 29 · පි. 569

عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ عِزِينَ37

දකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් කණ්ඩායම් වශයෙන්
70:38ජුස් 29 · පි. 569

أَيَطْمَعُ كُلُّ امْرِئٍ مِنْهُمْ أَنْ يُدْخَلَ جَنَّةَ نَعِيمٍ38

ඔවුන් අතුරින් සෑම කෙනෙකුම සුව පහසුකම් ඇති ස්වර්ග උයනට ඇතුළු කරනු ලැබීම ගැන ආශා කරන්නේ ද?
70:39ජුස් 29 · පි. 569

كَلَّا ۖ إِنَّا خَلَقْنَاهُمْ مِمَّا يَعْلَمُونَ39

එසේ නොවේ. ඔවුන් දන්නා දැයින් නියත වශයෙන්ම අපි ඔවුන් මැව්වෙමු.
70:40ජුස් 29 · පි. 569

فَلَا أُقْسِمُ بِرَبِّ الْمَشَارِقِ وَالْمَغَارِبِ إِنَّا لَقَادِرُونَ40

පෙරදිගවල් හා අපරදිගවල්හි පරමාධිපති මත දිවුරා පවසමි. නියත වශයෙන්ම අපි බලය දරන්නෝ වෙමු.
70:41ජුස් 29 · පි. 570

عَلَىٰ أَنْ نُبَدِّلَ خَيْرًا مِنْهُمْ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ41

(ඔවුන් වෙනුවට) ඔවුනට වඩා යහපත් අය ආදේශ කිරීමට. තවද අපි අබිබවා යනු ලබන්නන් නොවෙමු.
70:42ජුස් 29 · පි. 570

فَذَرْهُمْ يَخُوضُوا وَيَلْعَبُوا حَتَّىٰ يُلَاقُوا يَوْمَهُمُ الَّذِي يُوعَدُونَ42

ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූ ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තුරු ඔවුන් නිෂ්ඵල කතාවෙහි නිරත වීමට ද කෙළි ලොල් කිරීමට ද ඔවුනට ඉඩ දෙනු.
70:43ජුස් 29 · පි. 570

يَوْمَ يَخْرُجُونَ مِنَ الْأَجْدَاثِ سِرَاعًا كَأَنَّهُمْ إِلَىٰ نُصُبٍ يُوفِضُونَ43

පිළිම වෙත ඔවුන් වේගයෙන් දුවන්නාක් මෙන් ඉතා වේගයෙන් එදින මිනී වළවල් වලින් ඔවුහු බැහැර වෙති.
70:44ජුස් 29 · පි. 570

خَاشِعَةً أَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ۚ ذَٰلِكَ الْيَوْمُ الَّذِي كَانُوا يُوعَدُونَ44

ඔවුන්ගේ බැල්ම පහත් ව පවතී. අවමානය ඔවුන් වෙළා ගනු ඇත. ඔවුන් ප්‍රතිඥා දෙනු ලබමින් සිටි දිනය එය වේ.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න