Al-Qamar

سورة القمر

සූරා 54 · මක්කා · 55 පද

54:1ජුස් 27 · පි. 528

اقْتَرَبَتِ السَّاعَةُ وَانْشَقَّ الْقَمَرُ1

අවසන් හෝරාව සමීප වී ඇත. තවද චන්ද්‍රයා පැළී ගොස් ඇත.
54:2ජුස් 27 · පි. 528

وَإِنْ يَرَوْا آيَةً يُعْرِضُوا وَيَقُولُوا سِحْرٌ مُسْتَمِرٌّ2

තවද යම් සංඥාවක් ඔවුන් දුටු විට ඔවුන් පිටුපා (මෙය) ‘පැවත එන හූනියමක්’ යැයි පවසති.
54:3ජුස් 27 · පි. 528

وَكَذَّبُوا وَاتَّبَعُوا أَهْوَاءَهُمْ ۚ وَكُلُّ أَمْرٍ مُسْتَقِرٌّ3

තවද ඔවුහු බොරු යැයි පවසා තම ආශාවන් අනුගමනය කරති. තවද (යහපත් හා අයහපත් යන) සෑම කරුණක්ම සිදුවන්නකි.
54:4ජුස් 27 · පි. 528

وَلَقَدْ جَاءَهُمْ مِنَ الْأَنْبَاءِ مَا فِيهِ مُزْدَجَرٌ4

තවද වළක්වාලන අවවාදයන් සහිත තොරතුරු ඔවුන් වෙත සැබැවින්ම පැමිණ ඇත.
54:5ජුස් 27 · පි. 528

حِكْمَةٌ بَالِغَةٌ ۖ فَمَا تُغْنِ النُّذُرُ5

එහි ගැඹුරු ප්‍රඥාව ඇත. නමුත් එම අවවාදය ඵලක් නොවීය.
54:6ජුස් 27 · පි. 528

فَتَوَلَّ عَنْهُمْ ۘ يَوْمَ يَدْعُ الدَّاعِ إِلَىٰ شَيْءٍ نُكُرٍ6

එහෙයින් (නබිවරය) කැඳවන්නා පිළිකුල් කරුණක් වෙත කැඳවන දිනයෙහි නුඹ ඔවුන්ගෙන් ඉවත් වනු.
54:7ජුස් 27 · පි. 529

خُشَّعًا أَبْصَارُهُمْ يَخْرُجُونَ مِنَ الْأَجْدَاثِ كَأَنَّهُمْ جَرَادٌ مُنْتَشِرٌ7

ඔවුන්ගේ බැල්ම අවමන් පහත් භාවයෙන් යුතු ව නියත වශයෙන්ම ඔවුන් විසිරී සිටින පළඟැටියන් මෙන් මිනිවළ වල් වෙතින් බැහැර වෙති.
54:8ජුස් 27 · පි. 529

مُهْطِعِينَ إِلَى الدَّاعِ ۖ يَقُولُ الْكَافِرُونَ هَٰذَا يَوْمٌ عَسِرٌ8

කැඳවන්නා වෙත බෙලි දිගු කරමින් වේගයෙන් පැමිණෙන්නන් ලෙසින් (ඔවුහු බැහැර වෙති.) “මෙය දුෂ්කර දිනයකි” යැයි ප්‍රතික්ෂේපකයෝ පවසති.
54:9ජුස් 27 · පි. 529

۞ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ فَكَذَّبُوا عَبْدَنَا وَقَالُوا مَجْنُونٌ وَازْدُجِرَ9

ඔවුනට පෙර සිටි නූහ්ගේ ජනයා ද බොරු කළෝය. එසේම ඔවුහු අපගේ ගැත්තා බොරු කොට උම්මත්තකයෙකු යැයි පැවසූහ. තවද ඔහු පලවා හරිනු ලැබීය.
54:10ජුස් 27 · පි. 529

فَدَعَا رَبَّهُ أَنِّي مَغْلُوبٌ فَانْتَصِرْ10

එවිට ඔහු නියත වශයෙන්ම “මා අබිබවා යනු ලැබුවෙමි. එහෙයින් මට උදව් කරනු මැනව!” යැයි ඔහුගේ පරමාධිපතිට ප්‍රාර්ථනා කළේය.
54:11ජුස් 27 · පි. 529

فَفَتَحْنَا أَبْوَابَ السَّمَاءِ بِمَاءٍ مُنْهَمِرٍ11

එවිට අපි ධාරානිපාත වැසි ජලයෙන් අහස්හි දොරවල් විවෘත කළෙමු.
54:12ජුස් 27 · පි. 529

وَفَجَّرْنَا الْأَرْضَ عُيُونًا فَالْتَقَى الْمَاءُ عَلَىٰ أَمْرٍ قَدْ قُدِرَ12

තවද අපි මහපොළොවෙහි උල්පත් හට ගැන්වූයෙමු. එවිට පෙර නිර්ණය කරන ලද කරුණක් අනුව එම ජලය (වැසි ජලය සමග) එකතු විය.
54:13ජුස් 27 · පි. 529

وَحَمَلْنَاهُ عَلَىٰ ذَاتِ أَلْوَاحٍ وَدُسُرٍ13

තවද ලෑලි හා ඇබ සහිත දෑ (නැව) මත අපි ඔහු උසුලුවෙමු.
54:14ජුස් 27 · පි. 529

تَجْرِي بِأَعْيُنِنَا جَزَاءً لِمَنْ كَانَ كُفِرَ14

ප්‍රතික්ෂේප කරනු ලැබ සිටි අයට තිළිණයක් වශයෙන් අපගේ ඇස් ඉදිරිපිට එය යාත්‍රා විය.
54:15ජුස් 27 · පි. 529

وَلَقَدْ تَرَكْنَاهَا آيَةً فَهَلْ مِنْ مُدَّكِرٍ15

තවද සැබැවින්ම අපි එය සංඥාවක් වශයෙන් ඉතිරි කළෙමු. එහෙයින් උපදෙස් ලබන කිසිවකු හෝ වෙත් ද?
54:16ජුස් 27 · පි. 529

فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ16

එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වීද?
54:17ජුස් 27 · පි. 529

وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ17

තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
54:18ජුස් 27 · පි. 529

كَذَّبَتْ عَادٌ فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ18

ආද් සමූහයා බොරු කළෝය. එහෙයින් මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?
54:19ජුස් 27 · පි. 529

إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِي يَوْمِ نَحْسٍ مُسْتَمِرٍّ19

අභාග්‍යය රැඳී පවතින දිනක නියත වශයෙන්ම අපි ඔවුන් වෙත සැඩ සුළගක් එව්වෙමු.
54:20ජුස් 27 · පි. 529

تَنْزِعُ النَّاسَ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ مُنْقَعِرٍ20

නියත වශයෙන්ම ඔවුන් මුලිනුදුරන ලද රටඉඳි ගස් කදන් මෙන් එය ජනයා උගුලා දැමීය.
54:21ජුස් 27 · පි. 529

فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ21

එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?
54:22ජුස් 27 · පි. 529

وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ22

තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
54:23ජුස් 27 · පි. 529

كَذَّبَتْ ثَمُودُ بِالنُّذُرِ23

සමූද් ජනයා එම අවවාදය බොරු කළෝය.
54:24ජුස් 27 · පි. 529

فَقَالُوا أَبَشَرًا مِنَّا وَاحِدًا نَتَّبِعُهُ إِنَّا إِذًا لَفِي ضَلَالٍ وَسُعُرٍ24

අපගෙන් එක් මිනිසෙකු වූ ඔහු ව ද අපි අනුගමනය කළ යුත්තේ? නියත වශයෙන්ම අපි එවිට නොමගෙහි හා දුෂ්කරත්වය තුළ වන්නෙමු.
54:25ජුස් 27 · පි. 529

أَأُلْقِيَ الذِّكْرُ عَلَيْهِ مِنْ بَيْنِنَا بَلْ هُوَ كَذَّابٌ أَشِرٌ25

“අප අතුරින් ඔහු වෙත උපදෙස ඉදිරිපත් කරනු ලැබුවේ ද? එසේ නොව ඔහු ගර්වයෙන් යුත් මහා බොරුකාරයෙකි.”
54:26ජුස් 27 · පි. 529

سَيَعْلَمُونَ غَدًا مَنِ الْكَذَّابُ الْأَشِرُ26

ගර්වයෙන් යුත් මහා බොරුකාරයා කවුරුන් දැයි හෙට (මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන) දින ඔවුහු දැන ගනු ඇත.
54:27ජුස් 27 · පි. 529

إِنَّا مُرْسِلُو النَّاقَةِ فِتْنَةً لَهُمْ فَارْتَقِبْهُمْ وَاصْطَبِرْ27

නියත වශයෙන්ම අපි ඔටු දෙන ඔවුනට පරීක්ෂණයක් ලෙසින් එවන්නෝ වූයෙමු. එහෙයින් (සාලිහ්!) නුඹ ඔවුන් ගැන විමසිල්ලෙන් සිටිනු. තවද ඉවසීමෙන් සිටිනු.
54:28ජුස් 27 · පි. 530

وَنَبِّئْهُمْ أَنَّ الْمَاءَ قِسْمَةٌ بَيْنَهُمْ ۖ كُلُّ شِرْبٍ مُحْتَضَرٌ28

නියත වශයෙන්ම ඔවුන් අතර (හා ඔටු දෙන අතර) ජලයට කොටසක් ඇත. සෑම පාන වාරයක්ම ඉදිරිපත් කරනු ලබන්නකි.
54:29ජුස් 27 · පි. 530

فَنَادَوْا صَاحِبَهُمْ فَتَعَاطَىٰ فَعَقَرَ29

එවිට ඔවුහු ඔවුන්ගෙන් වූ සගයකු කැඳවූහ. එවිට ඔහු (කඩුව) අමෝරා ගෙන (උගේ) ගෙල නහර කපා හැරියේය.
54:30ජුස් 27 · පි. 530

فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ30

එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?
54:31ජුස් 27 · පි. 530

إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ صَيْحَةً وَاحِدَةً فَكَانُوا كَهَشِيمِ الْمُحْتَظِرِ31

නියත වශයෙන්ම අපි ඔවුන් වෙත එක් ගිගුරුම් හඬක් එව්වෙමු. එවිට ඔවුහු සත්ව ගාලක පෑගුණු පිදුරු මෙන් වූහ.
54:32ජුස් 27 · පි. 530

وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ32

තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
54:33ජුස් 27 · පි. 530

كَذَّبَتْ قَوْمُ لُوطٍ بِالنُّذُرِ33

ලූත්ගේ ජනයා ද එම අවවාදය බොරු කළෝය.
54:34ජුස් 27 · පි. 530

إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ حَاصِبًا إِلَّا آلَ لُوطٍ ۖ نَجَّيْنَاهُمْ بِسَحَرٍ34

නියත වශයෙන්ම අපි ඔවුන් වෙත ගල් කුණාටුවක් එව්වෙමු. (එය ඔවුන් විනාශ කළේය.) නමුත් ලූත්ගේ ජනයා වෙත හැර. අපි ඔවුන් අලුයම් කාලයේ මුදවා ගත්තෙමු.
54:35ජුස් 27 · පි. 530

نِعْمَةً مِنْ عِنْدِنَا ۚ كَذَٰلِكَ نَجْزِي مَنْ شَكَرَ35

(මෙය) අප වෙතින් වූ ආශිර්වාදයක් වශයෙනි. අපි ගුණගරුක වූවනට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
54:36ජුස් 27 · පි. 530

وَلَقَدْ أَنْذَرَهُمْ بَطْشَتَنَا فَتَمَارَوْا بِالنُّذُرِ36

තවද අපගේ ග්‍රහණය පිළිබඳ සැබැවින්ම ඔහු(ලූත්) ඔවුනට අවවාද කළේය. නමුත් එම අවවාදය පිළිබඳ ඔවුහු සැක (කොට තර්ක) කළෝය.
54:37ජුස් 27 · පි. 530

وَلَقَدْ رَاوَدُوهُ عَنْ ضَيْفِهِ فَطَمَسْنَا أَعْيُنَهُمْ فَذُوقُوا عَذَابِي وَنُذُرِ37

ඔහුගේ ආගන්තුකයින් පිළිබඳ අශීලාචාර ලෙස හැසිරීමට ඔවුහු ඔහුට සැල කළෝය. එවිට අපි ඔවුන්ගේ ඇස් අන්ධ කළෙමු. එහෙයින් “මාගේ දඬුවම හා මාගේ අවවාදය නුඹලා භුක්ති විඳිනු” (යැයි පැවසුවෙමු.)
54:38ජුස් 27 · පි. 530

وَلَقَدْ صَبَّحَهُمْ بُكْرَةً عَذَابٌ مُسْتَقِرٌّ38

තවද ස්ථීර දඬුවමක් උදෑසන සැබැවින්ම ඔවුනට උදා විය.
54:39ජුස් 27 · පි. 530

فَذُوقُوا عَذَابِي وَنُذُرِ39

එහෙයින් මාගේ දඬුවම හා මාගේ අවවාදය නුඹලා භුක්ති විඳිනු.
54:40ජුස් 27 · පි. 530

وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ40

තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
54:41ජුස් 27 · පි. 530

وَلَقَدْ جَاءَ آلَ فِرْعَوْنَ النُّذُرُ41

තවද ෆිර්අවුන්ගේ ජනයා වෙත ද අවවාදය සැබැවින්ම පැමිණීයේය.
54:42ජුස් 27 · පි. 530

كَذَّبُوا بِآيَاتِنَا كُلِّهَا فَأَخَذْنَاهُمْ أَخْذَ عَزِيزٍ مُقْتَدِرٍ42

ඔවුහු අපගේ වදන් සියල්ල බොරු කළෝය. එවිට අපි බලවත් බලධාරියාගේ ග්‍රහණයෙන් අපි ඔවුන් ග්‍රහණය කළෙමු.
54:43ජුස් 27 · පි. 530

أَكُفَّارُكُمْ خَيْرٌ مِنْ أُولَٰئِكُمْ أَمْ لَكُمْ بَرَاءَةٌ فِي الزُّبُرِ43

මොවුනට වඩා නුඹලාගේ දේව ප්‍රතික්ෂේපකයින් ශ්‍රේෂ්ඨ ද? එසේ නැතහොත් ග්‍රන්ථයන් හි නුඹලාට එවැනි නිදහසක් ලබා දී තිබේද?
54:44ජුස් 27 · පි. 530

أَمْ يَقُولُونَ نَحْنُ جَمِيعٌ مُنْتَصِرٌ44

එසේ නැතහොත් “අපි සියල්ලෝම එකිනෙකාට උදව් කරන සමුහයකි” (එයින් ජය ලබන්නෝ වෙමු) යැයි ඔවුහු පවසන්නෝ ද?
54:45ජුස් 27 · පි. 530

سَيُهْزَمُ الْجَمْعُ وَيُوَلُّونَ الدُّبُرَ45

මෙම පිරිස පරාජයට පත් කරනු ලබනු ඇත. තවද ඔවුහු පසුපස හැරී යනු ඇත.
54:46ජුස් 27 · පි. 530

بَلِ السَّاعَةُ مَوْعِدُهُمْ وَالسَّاعَةُ أَدْهَىٰ وَأَمَرُّ46

නමුත් අවසන් හෝරාව ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූවකි. තවද අවසන් හෝරාව වඩාත් බිහිසුණුය. තවද වඩාත් අමිහිරිය.
54:47ජුස් 27 · පි. 530

إِنَّ الْمُجْرِمِينَ فِي ضَلَالٍ وَسُعُرٍ47

නියත වශයෙන්ම වැරදි කරුවෝ නොමගෙහිය. තවද (නිරා ගින්නේ) දුෂ්කරත්වය තුළය.
54:48ජුස් 27 · පි. 530

يَوْمَ يُسْحَبُونَ فِي النَّارِ عَلَىٰ وُجُوهِهِمْ ذُوقُوا مَسَّ سَقَرَ48

ඔවුන්ගේ මුහුණු මතින් නිරයේ ගින්නට ඇදගෙන යනු ලබන දිනයේ සකර් (නම් නිරා ගින්නේ) ස්පර්ශය නුඹලා භුක්ති විදිනු (යැයි පවසනු ලැබේ.)
54:49ජුස් 27 · පි. 530

إِنَّا كُلَّ شَيْءٍ خَلَقْنَاهُ بِقَدَرٍ49

නියත වශයෙන්ම අපි සෑම දෙයක්ම එය ප්‍රමාණයකින් යුතු ව මැව්වෙමු.
54:50ජුස් 27 · පි. 531

وَمَا أَمْرُنَا إِلَّا وَاحِدَةٌ كَلَمْحٍ بِالْبَصَرِ50

තවද අපගේ නියෝගය එක් වරක් පමණි. (එය) ඇසි පිය ගසන්නාක් මෙනි.
54:51ජුස් 27 · පි. 531

وَلَقَدْ أَهْلَكْنَا أَشْيَاعَكُمْ فَهَلْ مِنْ مُدَّكِرٍ51

තවද සැබැවින්ම අපි නුඹලා මෙන් වූවන් විනාශ කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවෙකු හෝ වෙත් ද?
54:52ජුස් 27 · පි. 531

وَكُلُّ شَيْءٍ فَعَلُوهُ فِي الزُّبُرِ52

තවද ඔවුන් සිදු කළ සියලු දෑ ලේඛන වල (ලියවී) ඇත.
54:53ජුස් 27 · පි. 531

وَكُلُّ صَغِيرٍ وَكَبِيرٍ مُسْتَطَرٌ53

තවද කුඩා හා විශාල සියලු දෑ ලියා තබනු ලැබීය
54:54ජුස් 27 · පි. 531

إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَهَرٍ54

නියත වශයෙන්ම බිය බැතිමතුන් උයන් හා ගඟ අතරය.
54:55ජුස් 27 · පි. 531

فِي مَقْعَدِ صِدْقٍ عِنْدَ مَلِيكٍ مُقْتَدِرٍ55

සර්ව බලාධිකාරී රජු අබියස සත්‍යය ස්ථානයෙහිය.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න