الر ۚ تِلْكَ آيَاتُ الْكِتَابِ وَقُرْآنٍ مُبِينٍ1
අලිෆ්, ලාම්, රා. එය දේව ග්රන්ථයේ හා පැහැදිලි කුර්ආනයේ වදන් වේ.
رُبَمَا يَوَدُّ الَّذِينَ كَفَرُوا لَوْ كَانُوا مُسْلِمِينَ2
(මෙලොවදී) තමන් මුස්ලිම්වරුන් ලෙස සිටියේ නම් (කෙතරම් අගනේ ද) යැයි ප්රතික්ෂේප කළවුන් (එදින) ප්රිය කරනු ඇත.
ذَرْهُمْ يَأْكُلُوا وَيَتَمَتَّعُوا وَيُلْهِهِمُ الْأَمَلُ ۖ فَسَوْفَ يَعْلَمُونَ3
ඔවුහු අනුභව කරමින් භුක්ති විඳින්නට නුඹ ඔවුන් අත හැර දමනු. තවද මනෝ ආශාවන් ඔවුන් ව වෙනතකට යොමු කරයි. එවිට ඔවුහු මතු දැන ගනු ඇත.
وَمَا أَهْلَكْنَا مِنْ قَرْيَةٍ إِلَّا وَلَهَا كِتَابٌ مَعْلُومٌ4
තවද අපි කිසිදු ගම්මානයක් එයට නියම කරන ලද නියමයක් ලබා දෙමින් මිස විනාශ නොකළෙමු.
مَا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَأْخِرُونَ5
කිසිදු සමූහයක් එහි කාල සීමාව ඉක්මන් නොකරයි. තවද ඔවුහු ප්රමාද ද නොවෙති.
وَقَالُوا يَا أَيُّهَا الَّذِي نُزِّلَ عَلَيْهِ الذِّكْرُ إِنَّكَ لَمَجْنُونٌ6
තවද තමන් වෙත මෙනෙහි කරන දේව ග්රන්ථය පහළ කරනු ලැබූ අයලුවනි, නියත වශයෙන් ඔබ උන්මත්තකයෙකි යැයි ඔවුහු පැවසූහ.
لَوْ مَا تَأْتِينَا بِالْمَلَائِكَةِ إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ7
නුඹ සත්යවාදීන් අතුරින් නම් නුඹ අප වෙත මලක්වරුන් ගෙන ආ යුතු නොවේ ද?
مَا نُنَزِّلُ الْمَلَائِكَةَ إِلَّا بِالْحَقِّ وَمَا كَانُوا إِذًا مُنْظَرِينَ8
සත්යයෙන් යුතු ව මිස අපි මලක්වරුන් පහළ නොකරන්නෙමු. තවද ඔවුහු එවිට අවකාශ දෙනු ලබන්නන් නොවූහ.
إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ9
නියත වශයෙන්ම අපමය මෙනෙහි කරන දේව ග්රන්ථය (අල් කුර්ආනය) පහළ කළේ. තවද නියත වශයෙන්ම අපි එය ආරක්ෂා කරන්නන් වෙමු.
وَلَقَدْ أَرْسَلْنَا مِنْ قَبْلِكَ فِي شِيَعِ الْأَوَّلِينَ10
තවද නුඹට පෙර වූ පැරණි පිරිස් අතරට ද සැබැවින්ම අපි (රසූල්වරුන්) එව්වෙමු.
وَمَا يَأْتِيهِمْ مِنْ رَسُولٍ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ11
තවද රසූල්වරයකු ඔවුන් වෙත පැමිණි විට ඔවුහු ඔහු ගැන සමච්චල් කරමින් සිටියාහු මිස නැත.
كَذَٰلِكَ نَسْلُكُهُ فِي قُلُوبِ الْمُجْرِمِينَ12
වැරදිකරුවන්ගේ හදවත් තුළට අපි එය කාවද්දනුයේ එලෙසය.
لَا يُؤْمِنُونَ بِهِ ۖ وَقَدْ خَلَتْ سُنَّةُ الْأَوَّلِينَ13
ඔවුහු එය විශ්වාස නොකරති. තවද සැබැවින්ම පැරැණ්නන්ගේ සිරිත් ඉකුත් වී ගොස් ඇත.
وَلَوْ فَتَحْنَا عَلَيْهِمْ بَابًا مِنَ السَّمَاءِ فَظَلُّوا فِيهِ يَعْرُجُونَ14
තවද අපි ඔවුන් වෙත අහසින් දොරටුවක් විවෘත කොට එහි ඔවුහු ආරෝහණය වන්නන් බවට පත් වුව ද (ඔවුහු විශ්වාස නොකරති.)
لَقَالُوا إِنَّمَا سُكِّرَتْ أَبْصَارُنَا بَلْ نَحْنُ قَوْمٌ مَسْحُورُونَ15
නියත වශයෙන්ම අපගේ ඇස් බන්දනය කරනු ලැබ ඇත. එසේ නොව අපි හූනියම් කරනු ලැබූ පිරිසකි යැයි ඔවුහු පවසනු ඇත.
وَلَقَدْ جَعَلْنَا فِي السَّمَاءِ بُرُوجًا وَزَيَّنَّاهَا لِلنَّاظِرِينَ16
තවද සැබැවින්ම අපි අහසෙහි තාරකා මණ්ඩල ඇති කළෙමු. තවද බලන්නන්හට අපි එය අලංකාරවක් කළෙමු.
وَحَفِظْنَاهَا مِنْ كُلِّ شَيْطَانٍ رَجِيمٍ17
තවද පලවා හරිනු ලැබූ සෑම ෂෙයිතානුවකුගෙන්ම අපි එය ආරක්ෂා කළෙමු.
إِلَّا مَنِ اسْتَرَقَ السَّمْعَ فَأَتْبَعَهُ شِهَابٌ مُبِينٌ18
නමුත් සවන් දී (තොරතුරු) සොරකම් කරන්නා හැර. එවිට පැහැදිලි ගිනි උල්කාවක් ඔහු පසුපස ලුහුබඳිනු ඇත.
وَالْأَرْضَ مَدَدْنَاهَا وَأَلْقَيْنَا فِيهَا رَوَاسِيَ وَأَنْبَتْنَا فِيهَا مِنْ كُلِّ شَيْءٍ مَوْزُونٍ19
තවද අපි මහපොළොව දිගු හැරියෙමු. එහි අපි කඳුහෙල් හෙළුවෙමු. තවද අපි එහි සෑම වස්තුවකින්ම නිර්ණය කළ දෑ හට ගැන්වූයෙමු.
وَجَعَلْنَا لَكُمْ فِيهَا مَعَايِشَ وَمَنْ لَسْتُمْ لَهُ بِرَازِقِينَ20
තවද අපි එහි නුඹලාටත් නුඹලා කවරෙකුට පෝෂකයින් ලෙස නොසිටියේ ද එවන් අයටද ජීවන පහසුකම් ඇති කළෙමු.
وَإِنْ مِنْ شَيْءٍ إِلَّا عِنْدَنَا خَزَائِنُهُ وَمَا نُنَزِّلُهُ إِلَّا بِقَدَرٍ مَعْلُومٍ21
කිසිදු දෙයක් එහි ගබඩාවන් අප වෙත මිස නැත. අපි එය නියමිත ප්රමාණයකින් මිස පහළ නොකරන්නෙමු.
وَأَرْسَلْنَا الرِّيَاحَ لَوَاقِحَ فَأَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً فَأَسْقَيْنَاكُمُوهُ وَمَا أَنْتُمْ لَهُ بِخَازِنِينَ22
තවද අපි සුළඟ පිරිසිදු (ජලය උසුලන) අයුරින් එව්වෙමු. පසු ව අහසින් ජලය පහළ කළෙමු. පසු ව නුඹලා එයට රැස් කරන්නන් ලෙස නොසිටි තත්තවයේ අපි එය නුඹලාට සැපයූවෙමු.
وَإِنَّا لَنَحْنُ نُحْيِي وَنُمِيتُ وَنَحْنُ الْوَارِثُونَ23
තවද නියත වශයෙන්ම ජීවය දෙන්නේද තවද මරණයට පත් කරන්නේද අපමය. තවද අපි උරුමක්කරුවෝ වෙමු.
وَلَقَدْ عَلِمْنَا الْمُسْتَقْدِمِينَ مِنْكُمْ وَلَقَدْ عَلِمْنَا الْمُسْتَأْخِرِينَ24
සැබැවින්ම අපි නුඹලා අතුරින් පෙර ගියවුන් පිළිබඳ ව දනිමු. එමෙන්ම පසු පැමිණෙන්නවුන් පිළිබඳ ව ද අපි දනිමු.
وَإِنَّ رَبَّكَ هُوَ يَحْشُرُهُمْ ۚ إِنَّهُ حَكِيمٌ عَلِيمٌ25
තවද නියත වශයෙන්ම නුඹේ පරමාධිපති වන ඔහු (මතු ලොවෙහි) ඔවුන් ව එක්රැස් කරනු ඇත. නියත වශයෙන්ම ඔහු සියුම් ඥානය ඇති සර්වඥානීය.
وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ مِنْ صَلْصَالٍ مِنْ حَمَإٍ مَسْنُونٍ26
සැබැවින්ම විවිධ (වර්ගයෙන්) වූ කළු මැටියෙන් මිනිස් වර්ගයා අපි මැව්වෙමු.
وَالْجَانَّ خَلَقْنَاهُ مِنْ قَبْلُ مِنْ نَارِ السَّمُومِ27
මීට පෙර දුමෙන් තොර වූ ගින්නෙන් අපි ජින් වර්ගයා මැව්වෙමු.
وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي خَالِقٌ بَشَرًا مِنْ صَلْصَالٍ مِنْ حَمَإٍ مَسْنُونٍ28
නියත වශයෙන්ම මම විවිධ (වර්ගයෙන්) වූ කළු මැටියෙන් මිනිසා මවමි යැයි නුඹේ පරමාධිපති මලක්වරුන්ට පැවසූ අවස්ථාව සිහියට නගනු.
فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِنْ رُوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ29
පසු ව මම ඔහු ව විධිමත් ව සකසා මාගේ ප්රාණයෙන් මම ඔහු තුළ පිඹුවෙමි. එවිට නුඹලා සිරස නමමින් සුජූද් කරන්නන් ලෙස වැටෙනු. (නුඹගේ පරමාධිපති පැවසීය.)
فَسَجَدَ الْمَلَائِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ30
එවිට මලක්වරුන් වන ඔවුන් සියලු දෙනාම සිරස නමා සුජූද් කළහ.
إِلَّا إِبْلِيسَ أَبَىٰ أَنْ يَكُونَ مَعَ السَّاجِدِينَ31
ඉබ්ලීස් හැර. ඔහු සුජූද් කරන්නන් සමග වීමට පිටුපෑවේය.
قَالَ يَا إِبْلِيسُ مَا لَكَ أَلَّا تَكُونَ مَعَ السَّاجِدِينَ32
අහෝ ! ඉබ්ලීස්, නුඹ සුජූද් කරන්නන් සමග නොවීමට නුඹට කුමක් වී දැයි ඔහු විමසුවේය.
قَالَ لَمْ أَكُنْ لِأَسْجُدَ لِبَشَرٍ خَلَقْتَهُ مِنْ صَلْصَالٍ مِنْ حَمَإٍ مَسْنُونٍ33
විවිධ (වර්ගයෙන්) වූ කළු මැටියෙන් නුඹ මැවූ මිනිසාට මා සුජූද් කිරීමට මම (සූදානම්) නොවෙමි යැයි ඔහු පැවසුවේය.
قَالَ فَاخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ34
එසේ නම් නුඹ මින් බැහැර ව යනු. නියත වශයෙන්ම නුඹ පලවා හරිනු ලැබූවෙකි යැයි ඔහු පැවසුවේය.
وَإِنَّ عَلَيْكَ اللَّعْنَةَ إِلَىٰ يَوْمِ الدِّينِ35
තවද විනිශ්චය දිනය දක්වා නුඹට එරෙහි ව ශාපය ඇත.
قَالَ رَبِّ فَأَنْظِرْنِي إِلَىٰ يَوْمِ يُبْعَثُونَ36
මාගේ පරමාධිපතියාණනි, ඔවුන් නැවත නැගිටුවනු ලබන දිනය තෙක් මට නුඹ අවකාශය දෙනු යැයි ඔහු පැවසුවේය.
قَالَ فَإِنَّكَ مِنَ الْمُنْظَرِينَ37
එසේනම් නියත වශයෙන්ම නුඹ අවකාශය දෙනු ලැබූ අය අතුරිනි යැයි ඔහු පැවසුවේය.
إِلَىٰ يَوْمِ الْوَقْتِ الْمَعْلُومِ38
නියමිත වේලාවේ දිනය දක්වා.
قَالَ رَبِّ بِمَا أَغْوَيْتَنِي لَأُزَيِّنَنَّ لَهُمْ فِي الْأَرْضِ وَلَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ39
මාගේ පරමාධිපතියාණනි, නුඹ මා නොමග යොමු කළ බැවින් මහපොළොවේ (ඇති දෑ) ඔවුනට මම අලංකාරවත් කරන්නෙමි. තවද සැබැවින්ම මම ඔවුන් සියලු දෙනා නොමග යවන්නෙමි. යැයි ඔහු කීවේය.
إِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ40
නමුත් ඔවුන් අතුරින් වූ නුඹේ අවංක ගැත්තන් හැර.
قَالَ هَٰذَا صِرَاطٌ عَلَيَّ مُسْتَقِيمٌ41
මෙය මා වෙත පිහිටි ඍජු මාර්ගය යැයි ඔහු පැවසුවේය.
إِنَّ عِبَادِي لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَانٌ إِلَّا مَنِ اتَّبَعَكَ مِنَ الْغَاوِينَ42
නියත වශයෙන්ම මාගේ ගැත්තන් වන ඔවුනට එරෙහිව කිසිදු ආධිපත්යයක් නුඹට නැත. නමුත් සීමාව ඉක්මවා ගියවුන් අතුරින් නුඹව පිළිපදින්නන්ට හැර.
وَإِنَّ جَهَنَّمَ لَمَوْعِدُهُمْ أَجْمَعِينَ43
තවද නියත වශයෙන්ම නිරය (සීමාව ඉක්මවා ගිය) සියලු දෙනා හටම ප්රතිඥා දෙනු ලැබූ ස්ථානයයි.
لَهَا سَبْعَةُ أَبْوَابٍ لِكُلِّ بَابٍ مِنْهُمْ جُزْءٌ مَقْسُومٌ44
එයට දොරටු හතක් ඇත. සෑම දොරටුවකටම ඔවුන් අතුරින් වෙන් කරන ලද කොටසක් ඇත.
إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَعُيُونٍ45
නියත වශයෙන්ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන් හා උල්පත් වල වෙති.
ادْخُلُوهَا بِسَلَامٍ آمِنِينَ46
නුඹලා එහි නිර්භය ව සාමයෙන් පිවිසෙනු.
وَنَزَعْنَا مَا فِي صُدُورِهِمْ مِنْ غِلٍّ إِخْوَانًا عَلَىٰ سُرُرٍ مُتَقَابِلِينَ47
ඔවුන්ගේ හදවත් තුළ ඇති ක්රෝධය අපි ඉවත් කළෙමු. ඔවුහු කවිච්චි මත මුහුණට මුහුණලා සහෝදරයින් ලෙස සිටිති.
لَا يَمَسُّهُمْ فِيهَا نَصَبٌ وَمَا هُمْ مِنْهَا بِمُخْرَجِينَ48
එහි ඔවුනට කිසිදු වෙහෙසක් ඇති නොවේ. ඔවුන් ඉන් බැහැර කරනු ලබන්නන් ද නොවෙති.
۞ نَبِّئْ عِبَادِي أَنِّي أَنَا الْغَفُورُ الرَّحِيمُ49
නියත වශයෙන්ම මම අති ක්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්ත බවත් මාගේ ගැත්තන්හට (නබිවරය,) නුඹ දන්වා සිටිනු.
وَأَنَّ عَذَابِي هُوَ الْعَذَابُ الْأَلِيمُ50
තවද නියත වශයෙන්ම මාගේ දඬුවම වන එය වේදනීය දඬුවම බවද ඔවුනට දන්වා සිටිනු.
وَنَبِّئْهُمْ عَنْ ضَيْفِ إِبْرَاهِيمَ51
තවද නුඹ ඉබ්රාහීම්ගේ ආගන්තුකයින් පිළිබඳ ව ඔවුනට දන්වා සිටිනු.
إِذْ دَخَلُوا عَلَيْهِ فَقَالُوا سَلَامًا قَالَ إِنَّا مِنْكُمْ وَجِلُونَ52
ඔවුහු ඔහු වෙත පිවිසි කල්හි ශාන්තිය අත්වේවා යැයි ඔවුහු පැවසුවෝය. නියත වශයෙන්ම අපි නුඹලා පිළිබඳ ව තැති ගන්නන් වෙමු යැයි ඔහු පැවසුවේය.
قَالُوا لَا تَوْجَلْ إِنَّا نُبَشِّرُكَ بِغُلَامٍ عَلِيمٍ53
නුඹ (අප ගැන) තැති නොගනු. නියත වශයෙන්ම අපි නුඹට ඥානවත් දරුවකු පිළිබඳ ව ශුභාරංචි දන්වා සිටිමු යැයි ඔවුහු පැවසුවෝය.
قَالَ أَبَشَّرْتُمُونِي عَلَىٰ أَنْ مَسَّنِيَ الْكِبَرُ فَبِمَ تُبَشِّرُونَ54
මහලු විය මා වෙළා ගෙන තිබිය දී නුඹලා මට ශුභාරංචි දන්වා සිටින්නෙහු ද? එහෙයින් නුඹලා කුමක් ගැන ද මට ශුභාරංචි දන්වා සිටිනුයේ යැයි ඔහු විමසුවේය.
قَالُوا بَشَّرْنَاكَ بِالْحَقِّ فَلَا تَكُنْ مِنَ الْقَانِطِينَ55
අපි නුඹට සැබෑ ව ශුභාරංචි වශයෙන් දන්වා සිටියෙමු. එහෙයින් නුඹ අපේක්ෂාභංග වූවන් අතුරින් නොවනු.
قَالَ وَمَنْ يَقْنَطُ مِنْ رَحْمَةِ رَبِّهِ إِلَّا الضَّالُّونَ56
නොමග ගියවුන් මිස තම පරමාධිපතිගේ දයාව ගැන අපේක්ෂා රහිත වනුයේ කවුරුන්දැයි ඔහු පැවසුවේය.
قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا الْمُرْسَلُونَ57
අහෝ ! එවනු ලැබූවනි, නුඹලාගේ දෙසුම කුමක් දැයි ඔහු විමසුවේය.
قَالُوا إِنَّا أُرْسِلْنَا إِلَىٰ قَوْمٍ مُجْرِمِينَ58
නියත වශයෙන්ම අපි අපරාධකාරී පිරිසක් වෙත එවනු ලැබුවෙමු යැයි ඔවුහු පැවසුවෝය.
إِلَّا آلَ لُوطٍ إِنَّا لَمُنَجُّوهُمْ أَجْمَعِينَ59
ලූත්ගේ පරපුර වෙත හැර. නියත වශයෙන්ම ඔවුන් සියලු දෙනා ව අපි මුදවා ගන්නන් වෙමු.
إِلَّا امْرَأَتَهُ قَدَّرْنَا ۙ إِنَّهَا لَمِنَ الْغَابِرِينَ60
නමුත් ඔහුගේ බිරිය හැර. නියත වශයෙන්ම ඇය ඉතිරිවූවන් අතුරින් යැයි අපි තීන්දු කළෙමු.
فَلَمَّا جَاءَ آلَ لُوطٍ الْمُرْسَلُونَ61
එවිට දූතයෝ ලූත්ගේ පරපුර වෙත පැමිණි කල්හි
قَالَ إِنَّكُمْ قَوْمٌ مُنْكَرُونَ62
නියත වශයෙන්ම නුඹලා නාඳුනන පිරිසක් යැයි ඔහු පැවසුවේය.
قَالُوا بَلْ جِئْنَاكَ بِمَا كَانُوا فِيهِ يَمْتَرُونَ63
නමුත් ඔවුන් කවර විෂයක සැක කරමින් සිටියේ ද එය සමග අපි ඔබ වෙත පැමිණියෙමු යැයි ඔවුහු පැවසුවෝය.
وَأَتَيْنَاكَ بِالْحَقِّ وَإِنَّا لَصَادِقُونَ64
තවද සත්යය සමග ඔබ වෙත අපි පැමිණියෙමු. තවද නියත වශයෙන්ම අපි සත්යවාදීහුමය.
فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍ مِنَ اللَّيْلِ وَاتَّبِعْ أَدْبَارَهُمْ وَلَا يَلْتَفِتْ مِنْكُمْ أَحَدٌ وَامْضُوا حَيْثُ تُؤْمَرُونَ65
එහෙයින් රාත්රියේ කොටසක නුඹ නුඹගේ පවුල සමග විගස යනු. ඔවුන්ගේ පසුපසින් නුඹද පරව යනු. නුඹලා අතුරින් කිසිවකු හෝ හැරී නොබැලිය යුතුය. නුඹලා අණ කරනු ලැබූ තැනට ගමන් කරනු.
وَقَضَيْنَا إِلَيْهِ ذَٰلِكَ الْأَمْرَ أَنَّ دَابِرَ هَٰؤُلَاءِ مَقْطُوعٌ مُصْبِحِينَ66
නියත වශයෙන්ම උදෑසන මොවුන්ගේ මුදුන් මුල කපා හරිනු ලබනු ඇතැයි යන එම නියෝගය අපි ඔහුට දන්වා සිටියෙමු.
وَجَاءَ أَهْلُ الْمَدِينَةِ يَسْتَبْشِرُونَ67
නගර වැසියෝ සතුටට පත්වෙමින් පැමිණියහ.
قَالَ إِنَّ هَٰؤُلَاءِ ضَيْفِي فَلَا تَفْضَحُونِ68
නියත වශයෙන්ම මොවුහු මාගේ ආගන්තුකයින් වෙති. එබැවින් නුඹලා මා අවමානයට පත් නොකරනු යැයි ඔහු පැවසුවේය.
وَاتَّقُوا اللَّهَ وَلَا تُخْزُونِ69
තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මා දුකට පත් නොකරනු.
قَالُوا أَوَلَمْ نَنْهَكَ عَنِ الْعَالَمِينَ70
ලෝවැසියන්ගෙන් අපි නුඹ ව නොවැළැක්වෙමු දැයි ඔවුහු පැවසුවෝය.
قَالَ هَٰؤُلَاءِ بَنَاتِي إِنْ كُنْتُمْ فَاعِلِينَ71
නුඹලා එසේ සිදු කරන්නන් ලෙස සිටියෙහු නම් මේ මාගේ දියණිවරුන් වෙති යැයි ඔහු පැවසුවේය.
لَعَمْرُكَ إِنَّهُمْ لَفِي سَكْرَتِهِمْ يَعْمَهُونَ72
නුඹගේ ආයු කාලය නමින් දිවුරමින්, නියත වශයෙන්ම ඔවුහු ඔවුන්ගේ (මනෝ ආශාවන්හි) මත්භවෙහි ව්යාකූලත්වයට පත් ව සිටිති.
فَأَخَذَتْهُمُ الصَّيْحَةُ مُشْرِقِينَ73
එවිට ඔවුන් උදා වෙත්ම මහා හඬ ඔවුන් ව ග්රහණය කළේය.
فَجَعَلْنَا عَالِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهِمْ حِجَارَةً مِنْ سِجِّيلٍ74
එවිට අපි එහි උඩු තලය එහි යටි තලය බවට පත් කළෙමු. තවද අපි ඔවුන් වෙත රත් කරනු ලැබූ ගල් වැස්සවීමු.
إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِلْمُتَوَسِّمِينَ75
නියත වශයෙන්ම මෙහි සිතා බලන්නන්හට සංඥාවන් ඇත.
وَإِنَّهَا لَبِسَبِيلٍ مُقِيمٍ76
තවද නියත වශයෙන්ම එය ප්රධාන මාර්ගයේ විය.
إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِلْمُؤْمِنِينَ77
නියත වශයෙන්ම එහි දේව විශ්වාසවන්තයින් හට සංඥාවක් ඇත.
وَإِنْ كَانَ أَصْحَابُ الْأَيْكَةِ لَظَالِمِينَ78
තවද සැබැවින්ම අයිකා වැසියෝ ද අපරාධකරුවන් වූහ.
فَانْتَقَمْنَا مِنْهُمْ وَإِنَّهُمَا لَبِإِمَامٍ مُبِينٍ79
එහෙයින් අපි ඔවුන්ගෙන් ද පළිගත්තෙමු. නියත වශයෙන්ම මෙ(ම ජන සමූහයන්) දෙක ප්රකට මාවතක් විය.
وَلَقَدْ كَذَّبَ أَصْحَابُ الْحِجْرِ الْمُرْسَلِينَ80
තවද සැබැවින්ම හිජ්ර් වැසියෝ ද රසූල්වරුන් ව බොරු කළෝය.
وَآتَيْنَاهُمْ آيَاتِنَا فَكَانُوا عَنْهَا مُعْرِضِينَ81
තවද අපි අපගේ වදන් ඔවුනට පිරිනැමුවෙමු. එවිට ඔවුහු ඒවා නොසලකන්නන් වූහ.
وَكَانُوا يَنْحِتُونَ مِنَ الْجِبَالِ بُيُوتًا آمِنِينَ82
තවද ඔවුහු වාසස්ථාන වශයෙන් කඳු වල ලෙන් හාරා සුරක්ෂිතයින් වූහ.
فَأَخَذَتْهُمُ الصَّيْحَةُ مُصْبِحِينَ83
එවිට ඔවුන් අලුයම උදාවෙත්ම මහා හඬ ඔවුන් ව ග්රහණය කළේය.
فَمَا أَغْنَىٰ عَنْهُمْ مَا كَانُوا يَكْسِبُونَ84
එවිට ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් නොවීය.
وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا إِلَّا بِالْحَقِّ ۗ وَإِنَّ السَّاعَةَ لَآتِيَةٌ ۖ فَاصْفَحِ الصَّفْحَ الْجَمِيلَ85
අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද සත්යයෙන් මිස අපි නොමැව්වෙමු. තවද නියත වශයෙන්ම අවසන් හෝරාව පැමිණෙන්නේමය. එහෙයින් අලංකාර සමාවකින් නුඹ (ඔවුන් ව) නොසලකා හරිනු.
إِنَّ رَبَّكَ هُوَ الْخَلَّاقُ الْعَلِيمُ86
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහුමය සර්ව ඥානී වූ මහා මැවුම්කරු.
وَلَقَدْ آتَيْنَاكَ سَبْعًا مِنَ الْمَثَانِي وَالْقُرْآنَ الْعَظِيمَ87
තවද (නබිවරය,) සැබැවින්ම අපි සබ්අන් මිනල් මසානී (හෙවත් නැවත නැවත පාරායනය කරන දැයින් හතක්) ද අතිමහත් කුර්ආනය ද අපි නුඹට පිරිනැමුවෙමු.
لَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَىٰ مَا مَتَّعْنَا بِهِ أَزْوَاجًا مِنْهُمْ وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَاخْفِضْ جَنَاحَكَ لِلْمُؤْمِنِينَ88
ඔවුන් අතුරින් පිරිසකට අපි කවර දෙයක් භුක්ති විඳීමට සැලැස්වූයේ ද ඒ දෙසට නුඹේ දෑස් දිගු නොකරනු. තවද ඔවුන් පිළිබඳ ව නුඹ දුක් නොවනු. දේව විශ්වාසවන්තයින් හට නුඹගේ පියාපත් පහත් කරනු.
وَقُلْ إِنِّي أَنَا النَّذِيرُ الْمُبِينُ89
නියත වශයෙන්ම පැහැදිලි අවවාද කරන්නා මම ම වෙමි යැයි නුඹ පවසනු.
كَمَا أَنْزَلْنَا عَلَى الْمُقْتَسِمِينَ90
බෙදුම්වාදීන් කෙරෙහි අපි පහළ කළාක් මෙන්
الَّذِينَ جَعَلُوا الْقُرْآنَ عِضِينَ91
ඔවුහු වනාහි අල් කුර්ආනය කොටස් බවට පත් කළෝය.
فَوَرَبِّكَ لَنَسْأَلَنَّهُمْ أَجْمَعِينَ92
එහෙයින් නුඹගේ පරමාධිපති මත දිවුරමින් ඔවුන් සියල්ලන්ගෙන්ම අපි විමසන්නෙමු.
عَمَّا كَانُوا يَعْمَلُونَ93
ඔවුහු සිදුකරමින් සිටි දෑ පිළිබඳ ව (විමසන්නෙමු.)
فَاصْدَعْ بِمَا تُؤْمَرُ وَأَعْرِضْ عَنِ الْمُشْرِكِينَ94
එහෙයින් නුඹට අණ කරනු ලබන දෑ නුඹ හෙළිපිටම පවසනු. තවද දේව ආදේශයකින් ගැන නුඹ නොසලකා හරිනු.
إِنَّا كَفَيْنَاكَ الْمُسْتَهْزِئِينَ95
සමච්චල් කරන්නන් සම්බන්ධයෙන්, නියත වශයෙන්ම අපි නුඹට ප්රමාණවත් වන්නෙමු.
الَّذِينَ يَجْعَلُونَ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ ۚ فَسَوْفَ يَعْلَمُونَ96
ඔවුහු වනාහි ඔවුහු අල්ලාහ් සමග වෙනත් දෙවිඳෙකු පත් කළෝය. එහෙයින් ඔවුහු මතු දැන ගනු ඇත.
وَلَقَدْ نَعْلَمُ أَنَّكَ يَضِيقُ صَدْرُكَ بِمَا يَقُولُونَ97
තවද නියත වශයෙන්ම නුඹේ හදවත ඔවුන් පවසන දැයින් පීඩනයට පත් ව ඇති බව සැබැවින්ම අපි දනිමු.
فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَكُنْ مِنَ السَّاجِدِينَ98
එහෙයින් නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්රසංශා ව තුළින් පිවිතුරු කරනු. තවද නුඹ සිරස නමා සුජූද් කරන්නන් සමග වනු.
وَاعْبُدْ رَبَّكَ حَتَّىٰ يَأْتِيَكَ الْيَقِينُ99
තවද ස්ථීර අවසානය නුඹ වෙත පැමිණෙන තෙක් නුඹේ පරමාධිපතිට නුඹ ගැතිකම් කරනු.