المختصر (السنهالية)

سورة محمد · 47:21

طَاعَةٌ وَقَوْلٌ مَعْرُوفٌ ۚ فَإِذَا عَزَمَ الْأَمْرُ فَلَوْ صَدَقُوا اللَّهَ لَكَانَ خَيْرًا لَهُمْ

(නබිවරය!) අවනතභාවය හා යහපත් ප්‍රකාශය ඔවුනට සුදුසුය. එහෙයින් (යුද්ධය පිළිබඳව) එම නියෝග ස්ථීර වූ විට ඔවුන් අල්ලාහ් ට සැබෑ වන්නේ නම් එය ඔවුනට යහපත් වනු ඇත.
අල්ලාහ්ගේ නියෝගයට ඔවුන් යටත් වීමත්, පිළිකුල් කිරීමකින් තොරව යහ වදනින් කතා කිරීමත් ඔවුනට උතුම් වන්නේය. යුද්ධ කිරීම අනිවාර්ය කරනු ලැබූ විට බරපතලකම වැඩි වනු ඇත. අල්ලාහ් ගැන ඔවුන්ගේ විශ්වාසය තුළ හා ඔහුට අවනත වීම තුළ ඔවුන් ඔහු ව සැබෑ ලෙස පිළිගත්තේ නම් කුහකත්වය හා අල්ලාහ්ගේ නියෝගයට විරුද්ධ වීමට වඩා ඔවුනට ශ්රේෂ්ඨ වන්නේය.

47:21 · المختصر (السنهالية)