Al-Mukhtasar (Sinhala)
Ya-Sin · 36:21
اتَّبِعُوا مَنْ لَا يَسْأَلُكُمْ أَجْرًا وَهُمْ مُهْتَدُونَ
“කිසිදු කුලියක් නුඹලාගෙන් ඉල්ලා නොසිටින්නන් නුඹලා අනුගමනය කරනු. තවද ඔවුහු යහමග ලැබූවන් වෙති.”
"අහෝ මාගේ ජනයිනි! දන්වා සිටීම සඳහා ගෙන ආ දෑ වෙනුවෙන් නුඹලාගෙන් කිසිදු ප්රතිලාභයක් නොපතන ඔවුන්ව පිළිපදිනු. ඔවුහු දිව්ය පණිවිඩ හරහා අල්ලාහ් පිළිබඳ ව දන්වා සිටින දෑහි මග ලැබූවෝ වෙති. එහෙයින් කවරෙකු එලෙස කටයුතු කරන්නේ ද එවැන්නෙකු අනුගමනය කරනු ලැබීම වඩාත් අගනේය."